ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC, පළමුවරට ශ්‍රී ලංකාවට Video විප්ලවයක් හඳුන්වාදෙමින් Unlimited YouTube නැරඹිය හැකි පෙරළිකාර ‘4G Video Blaster’ මොබයිල් ඩේටා පැකේජය හඳුන්වාදී ඇත. මෙම පැකේජය තුළින් පෙරගෙවුම් හා පසුගෙවුම් සියළුම පාරිභෝගිකයන් හට මාසෙටම රු. 249 /- කට තමන්ට කැමති පරිදි ලිමිට් නැතිව YouTube හරහා Unlimited වීඩියෝ නැරඹීමේ අවස්ථාව උදාවේ. ඊට අමතරව අනෙකුත් Apps සහ සේවාවන් සඳහා 3.5GB ඩේටා නොමිලේ හිමිවේ. මෙය Anytime, Night time සහ Anytime 4G බෝනස් ඩේටාවලින් සමන්විත වේ.
‘Dialog 4G Video Blaster’ පැකේජය Dialog 4G SIM පතක් භාවිත කරන, 4G දුරකථනයක් ඇති ඕනෑම පෙරගෙවුම් හෝ පසුගෙවුම් පාරිභෝගිකයන් හට සක්‍රිය කරගත හැකි අතර, මෙමගින් Standard Definition වීඩියෝ (SD video) ලිමිට් නැතිව නැරඹිය හැක. MyDialog App එක මගින් www.dialog.lk/data වෙත පිවිසීමෙන් හෝ #678# ඩයල් කිරීමෙන් ඕනෑම පෙරගෙවුම් හෝ පසුගෙවුම් පාරිභෝගිකයෙක් හට දින 30 ක වලංගු කාලයක් සහිත Dialog 4G Video Blaster පැකේජය activate කර ගත හැක. පෙරගෙවුම් පාරිභෝගිකයන් හට රු. 249 ක් රීලෝඩ් කිරීම මගින් ද පහසුවෙන් මෙම පැකේජය activate කර ගත හැක.
මේ පිළිබඳව අදහස් දැක්වූ Dialog Axiata PLC සමාගමේ සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි, ආචාර්ය රෙයිනර් ඩොයිෂ්මන් මෙසේ අදහස් දැක්වීය.“2020 වසරින් ආරම්භ වන නව දශකය සමඟ, ශ්‍රී ලංකාවේ අංක 1 ජාලය මෙන්ම වීඩියෝ සඳහා හොඳම ජාලය වන Dialog වෙතින් ශ්‍රී ලංකාවේ වීඩියෝ විප්ලවය ප්‍රථම වරට හඳුන්වාදෙනු ලැබුවා. ඒ හඳුන්වාදුන් අපගේ ‘Dialog 4G Video Blaster’ පැකේජය මගින් තමන්ට කැමති පරිදි ලිමිට් නැතිව සහ ඩේටා ගාස්තු නොමැතිව YouTube හරහා Unlimited වීඩියෝ නැරඹීමේ අවස්ථාව පාරිභෝගිකයන් හට උදාකර දී තිබෙනවා. මෑතකදී අප හඳුන්වාදුන් ViU app මගින්ද මෙම නව හඳුන්වාදීමට ගැළපෙන පරිදි Dialog ජාලය තුළ Unlimited Live TV සහ Video-on-Demand සේවාවන්, ජංගම දුරකථනයෙන් හෝ ViU hub පහසුකම සහිත Android TV මගින් ඩේටා ගාස්තු රහිතව නැරඹීමේ හැකියාව උදා කර දී තිබෙනවා.”
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
Dialog වෙතින් Unlimited YouTube