IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න


රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍රමවේද දෙක පිළිබඳව නිවැරදි දැනුමක් තිබීම යම් පුද්ගලයෙකුට මූල්‍ය අතින් ශක්තිමත් වීමට මෙන් ම තමා උපයන මුදල වැඩි ප‍්‍රතිලාභ ලැබෙන අයුරින් ආයෝජනය කිරීමට හැකියාව ලබා දෙන බව සඳහන් කළ යුතු ම කරුණකි. මේ නිසා ම වර්තමානයේ ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දෙන නිවැරදි ආයෝජන ක‍්‍රමවේද පිළිබඳ පාඨක ඔබ දැනුවත් කිරීම වෙනුවෙන් අපි First Capital Asset Management Limited සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි කවින් කරුණා මූර්ති මහතා සමඟ සාකච්ඡුා කළෙමු. 


මුලින් ම First Capital පිළිබඳ ව විස්තර ටිකක් කතා කරමුද ? 
First Capital සමූහය ප‍්‍රාග්ධන වෙළෙඳ පොළ ආශ‍්‍රිත ව ආයෝජන සේවා සැපයීම පිළිබඳව දශක 4කට අධික පළපුරුද්දක් සහිත සමුහයක්. ශ‍්‍රී ලංකාවේ ලැයිස්තු ගත පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital සමුහය,  LRA වෙතින් [SL] A + ශ්‍රේණිගත කිරීම ලබා ඇති සමාගමක් විදියට හඳුන්වා දීමට පුළුවන්. ප‍්‍රාථමික අලෙවි කරුවෙකු, ආයතනික මුල්‍ය උපදේශකයෙකු, චිත්කම් කළමනාකරුවෙකු සහ කොටස් තැරැුව්කරුවෙකු ලෙස ක‍්‍රියාත්මක වන First Capital සමූහය, ස්ථාවර, තරඟකාරී මෙන්ම පාරිභෝගික තෘප්තිමත් භාවයෙන් සපිරි සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් කැප වනවා. කීර්තිමත් ජන ශක්ති සමූහයට අනුබද්ධිත First Capital සමාගම, වෙළෙඳ පොළ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින්, මේ රටේ ජනතාව වෙත සුවිශේෂී සේවාවක් ලබා දෙන බව පැවසිය යුතු ම යි. ඒ බව සනාථ කරමින් 2024  SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ‘වසරේ විශිෂ්ටතම සන්නාමය‘ ට හිමි සම්මානය දිනා ගැනීමට First Capital සමාගම සමත් වුණු බව පැවසිය යුතු මයි. 


ඔබ සමාගම ආයෝජන කේන්ද්‍ර කර ගත් සේවාවක් ලබා දෙනවා. අද වන විට පවතින, ඉහළ ම ප‍්‍රතිලාභ ලබා ගැනීමට හැකි ආයෝජන අවස්ථා මොනවාද? 
වර්තමානයේ පවතින පොලි අනුපාත පිළිබඳ සලකා බැලීමේ දී ඒකක භාර අරමුදල්, කොටස් වෙළෙඳ පොළ, භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජන අවස්ථා රැුසක් ප‍්‍රාග්ධන වෙළෙඳ පොළ හරහා ලබා ගැනීමට පුළුවන්. බොහෝ දෙනා සාම්ප‍්‍රදායික ඉතුරුම් ක‍්‍රම වේද වලට යොමු වුණත් ඉතිරි කිරීමට වඩා මෙවැනි ආකර්ෂණීය ප‍්‍රතිලාභ සහිත ආයෝජන අවස්ථා වෙත යොමු වීම ආයෝජනය කරන මුදල වර්ධනය කර ගැනීමට ඉතා වැදගත්. 


ඉහත සඳහන් කළ ආයෝජන ක‍්‍රමවේද අතරින් ඔබ සමාගම Unit Trust හෙවත් ඒකක භාර ආයෝජන වෙත වැඩි අවධානයක් යොමු කරනවා. මෙම ඒකක භාර ආයෝජන ගැන කතා කළොත් 
ඒකක භාර ආයෝජන අද වන විට ශ‍්‍රී ලංකාවේ වගේ ම ගෝලීය වශයෙන් වඩාත් ආකර්ෂණය දිනු ආයෝජන ක‍්‍රමවේදයක් විදියට හඳුන්වා දීමට පුළුවන්. මෙම ආයෝජන ක‍්‍රම වේදය විශේෂයෙන් ඉන්දියාවේ වඩාත් ජනප‍්‍රියයි. මෙහි දී වෘත්තීයමය අරමුදල් කළමනාකරුවෙකු විසින් කළමනා කරණය කරනු ලබන අර මුදලකට තනි ආයෝජකයින්ට සිය මුදල් එකතු කිරීමේ හැකියාව ලබා දෙනවා. එහි දී එම අරමුදලට එකතු වන මුදල්, භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර, කොටස් වෙළෙඳ පොළ හා වාණිජ පත‍්‍ර වැනි විවිධාංගිකරණය වූ ආයෝජන කළඹක ආයෝජනය කිරීම විශේෂයි. එහි දී අදාළ ආයෝජකයින් හඳුන් වන්නේ ඒකක හිමිකරුවන් යන නමින්, මෙහි දී අරමුදල් කළමනාකරුවෙකු හෝ කණ්ඩායමක් ඒකක භාරය කළමනා කරණය කරන අතර, අරමුදලේ අරමුණු මත පදනම් ව ආයෝජන තීරණ ගැනීමේ
වගකීම පැවරෙන්නේ අදාළ කළමනාකරණ ආයතනයට වීම විශේෂයි. ඔවුන් විසින් කෙටි කාලීන සහ දිගු කාලීන ආයෝජන අවස්ථා ලබා දෙන අතර, අවදානම කළමනාකරණය කොට ප‍්‍රතිලාභ ලබා දීමට කටයුතු කිරීම විශේෂයි. ඊට අමතරව තමාට හැකි අයුරින් ඒකක භාර අරමුදල් ආශ‍්‍රිතව ආයෝජනය කළ හැකි වීමත් ආයෝජකයින්ට ලැබෙන විශේෂ වරප‍්‍රසාදයක් විදියට හඳුන්වා දීමට පුළුවන්. වෘත්තීයමය කළමනාකරණයක් හරහා විවිධාංගිකරණය වූ වත්කම් කළඹක ආයෝජනය කිරීමට හැකියාව ලැබීම නිසා ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ව ආයෝජනය ඵලදායී ක‍්‍රම වේදයක් බව අවධාරණය කළ යුතු යි. 


ඒකක භාර අරමුදල් ප‍්‍රාග්ධන වෙළෙඳපොළ තුළ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන කෙනෙකුට නිර්මාණය වී ඇති අවස්ථා මොනවාද? 
ඉතා පහසුවෙන් ආයෝජනය කළ හැකි අරමුදලක් ලෙස First Capital Money Market Fund හඳුන්වා දීමට පුළුවන්. එය ස්ථාවර තැන්පතුවක් මෙන් ආකර්ෂණීය ප‍්‍රතිලාභ අනුපාතයක් ලබා දෙන අතරම, ඉතුරුම් ගිණුමක ඇති ද්‍රවශීලතාව ලබා දෙනවා. මෙම සුවිශේෂත්වය නිසා, අඩු පොලියක් යටතේ ඉතුරුම් ගිණුමක මුදල් තැන්පත් කර තිබෙනවාට වඩා මෙමඟින් ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මේ වන විට මෙම අරමුදල රුපියල් බිලියන 70කට වැඩි වත්කම් ප‍්‍රමාණයක් කළමනා කරණය කරමින් ආයෝජකයින් රැුසකගේ විශ්වාසය දිනා ගෙන තිබෙනවා. 


First Capital සමාගම ඒකක භාර ආයෝජන ආශ‍්‍රිත ව ලබා දෙන සේවාවන් ගැන කතා කරමුද? 
දශක හතරකට අධික කාලයක් පුරා ශ‍්‍රී ලාංකේය මුල්‍ය ක්ෂේත‍්‍රය ආශ‍්‍රිත ව සේවා ලබා දෙන First Capital සමාගම ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජන සඳහා සේවා ලබා දෙන ප‍්‍රමුඛතම සමාගමක් විදියට හඳුන්වා දීමට පුළුවන්. ඒ වගේ ම දශක ගණනාවක් පුරා අප දිනා සිටින පාරිභෝගික විශ්වාසය වගේ ම නවීන තාක්ෂණය සමඟ මුසු වූ සේවාවන් හරහා වඩාත් ආරක්ෂිත වගේ ම ඉහළ ප‍්‍රතිලාභ සහිතසේවාවක් ලබා දීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා. මෙහි දී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජන සඳහා අප ලබා දෙන සේවාවන් අතර  Online Portal සේවාවට අමතර ව WhatsApp හරහා සේවා ලබා ගැනීමේ අවස්ථාව ලබා දීම් විශේෂයි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට WhatsApp හරහා ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ව ආයෝපනය කිරීමේ සහ අදාළ මුදල් නැවත ලබා ගැනීමේ අවස්ථාව අපි ලබා දී තිබෙනවා. ඒ අනුව තමන්ගේ ජංගම දුරකථනයෙන් ආයෝජනය කිරීම දක්වා ආයෝජන ක‍්‍රියාවලිය ප‍්‍රශස්ත කිරීමට අපට හැකි වීම තුළින් අපගේ විශිෂ්ටත්වය පිළිබිඹු කිරීම විශේෂයි. 


First Capital සමාගම දිනා ගත් සම්මාන ගැන කතා කළොත් ... 
2024 වසරේ දී First Capital සමාගම, කීර්තිමත් සම්මාන කිහිපයක් දිනා ගැනීමට සමත් වුණා. 2024 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී, First Capital Holdings PLC ‘වසරේ සන්නාමය ව හිමි සම්මානය දිනා ගැනීමට සමත් වීම වගේ ම එම සම්මාන උළෙලේ දී ම එම සමාගම ‘වසරේ සේවා සන්නාමය‘ ට හිමි සමානය ඇතුළු අතිරේක සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් වීමත් විශේෂයි. ඊට අමතරව Business Today  සඟරාව විසින් වාර්ෂික ව සිදු කරනු ලබන ශ්‍රේණිගත කිරීමට සමගාමී ව 2023/24 වසර සඳහා අදාළ ශ්‍රේණිගත කිරීමෙහි ඔධඡු 40 ලැයිස්තුවේ පිළිවෙලින් 20 වන සහ 21 වන ස්ථාන හිමි කර ගැනීමට First Capital Holdings PLC සහ First Capital Treasuries PLC යන සමාගම සමත් වුණා. ඊට අමතරව CA Sri Lanka විසින් සංවිධානය කරන ලද  TAGS  සම්මාන උළෙලේ 2, First Capital Holdings" First Capital Treasuries First Capital Money Market Fund (unit trust) යන ආයතන ත‍්‍රිත්වය රන් සම්මාන දෙකක් ඇතුළු ව සමස්ත සම්මාන පහක් දිනා ගැනීමට සමත් වීමත්, First Capital සමාගම නිර්මාණය කළ.WhatsApp හරහා ඒකක භාරයන් හි ගනුදෙනු සක‍්‍රීය කරන ශ‍්‍රී ලංකාවේ පළමු සේවාව වන First Capital Invest WhatsApp නාලිකාව, බි‍්‍රතාන්‍ය පරිගණක සංගමය  (BCS) විසින් සංවිධානය කරන ලද ජාතික ICT සම්මාන 2024 (NBQSA) උළෙලේ දී, අභ්‍යන්තර සංවර්ධන කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීමත්, First Capital සමාගමේ විශිෂ්ටත්වය තහවුරු කරමින් වැඩ කිරීමට සුදුසු ම ආයතනයක් ලෙස  'Great Place to Work' ඇගයීම අඛණ්ඩ ව වසර තුනක් දිනා ගැනීමට සමත් වීමත් විශේෂයෙන් සඳහන් කළ යුතු ජයග‍්‍රහණ කිහිපයක්. මීට අමතර ව අප විසින් SLITAD People Development සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් පිදුම් ලැබීමත් සුවිශේෂී ජයග‍්‍රහණයක්. මේ ඇගයීම සියල්ල හරහා අපගේ විශිෂ්ටත්වය පිළිබිඹු වන බව අවසාන වශයෙන් අවධාරණය කිරීමට කැමතියි. 


ළහිරු ධනංජය පෙරේරා



අදහස් (0)

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

ඔබේ අදහස් එවන්න

 

 
 

You may also like

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න
2025 අප්‍රේල් මස 29 83 0

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර


HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.
2025 අප්‍රේල් මස 29 24 0

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප


ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ
2025 අප්‍රේල් මස 18 1059 0

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස


ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය
2025 අප්‍රේල් මස 11 450 0

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.
2025 අප්‍රේල් මස 10 591 2

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.


NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි
2025 අප්‍රේල් මස 09 1145 0

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 83 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 24 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1059 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site