අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ අතර එය “The Christmas Innovation Tower” ලෙස නම් කර ඇත. ඒලෙස HUTCH විසින් අලංකාර නත්තල් කුළුණක් බවට පත්කර තිබෙන්නේ ඔවුන් සිය දෛනික සේවා කටයුතු වලට භාවිතා කරන දුරකථන කුළුණකි. මෙය ශ්රී ලාංකිකයින් නව වසරකට පිය නගන මොහොතේ දියුණුවේ බලාපොරොත්තු දල්වන අපූර්ව සංකේතයක් බවට පත්වනු නිසැකය.
රාමග වල්පොළ පිහිටි HUTCH දත්ත මාධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටා ඇති මෙම කුළුණෙහි උස අඩි 282ක් හෙවත් මීටර් 86 ක් වන අතර එය සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. දෙසැම්බර් 24 දින නත්තල් ආලෝකයෙන් ආලෝකමත් වන මෙම කුළුණ සමස්ථ ශ්‍රී ලංකාවාසීන්ට බලාපොරොත්තුවේ පහන් ටැඹක් වනු ඇත. ජනතාවට මෙම කුළුණ වෙත පැමිණ සුරක්ෂිත ලෙස එය දැක බලාගනිමින් උත්සව සමයේ සතුට සිත්සේ අත්විඳීමට අවස්ථාව සලසා දීමට HUTCH පියවර ගෙන තිබේ.
"Christmas Innovation Tower" යනු අප එදිනෙදා දකින, අපට හුරුපුරුදු දේවල් නිර්මාණශීලි චින්තනය ඔස්සේ සුවිශේෂී දේවල්වලට පරිවර්තනය කරගත හැකි ආකාරය පෙන්වා දෙන අගනා උදාහරණයකි. “HUTCH" යනු හුදෙක් ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක්ම පමණක්ම නොවේ. ඔවුන් ශ්‍රී ලාංකිකයින්ට දියුණුවෙහි නව මං පෙත් ගවේෂණය කිරීමට ඉඩකඩ සලසා දෙන පුරෝගාමියෙකි. එම පුරෝගාමී චින්තනයෙහිම ප්රතිපලයක් වන මෙම නත්තල් කුළුණ, උත්සව සමයේ සතුට සමරන අතරම, නවෝත්පාදන සිතුවිලි වැළඳ ගනිමින් අභියෝග අවස්ථා බවට පත්කරගැනීමට සමස්ථ ශ්‍රී ලංකාවාසීන් දිරිගන්වන නිර්මාණයක් ලෙස හැඳින්වීමට පුළුවන්.
ශ්‍රී ලංකාව යනු සම්පත් වලින් පරිපූන් රටකි. එම සම්පත්වලින් නිසි ප්‍රයෝජන ගැනීම මගින් ශ්‍රී ලංකාවත් එහි පුරවැසියනුත් දියුණුවෙන් දියුනව කරා රැගෙන යා හැකි වෙයි. Christmas Innovation Tower මගින් සංකේතවත් වන්නේ මෙම බලාපොරොත්තුවයි. අප කවර තත්වයක සිටියද, නිර්මාණශිලීත්වය හා නවෝත්පාදනය ඔස්සේ අපුර්ව දේවල් සිදු කිරීමට අපට හැකියාව ඇති බව එය අපට සිහිපත් කරවනු ඇත.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
HUTCH ශ්රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.