අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
දූ දරුවන් සමග එකට නැරැඹිය හැකි පවුලේ ප්‍රසංගයක් වන මෙම සංගීත සන්ධ්‍යාව, මැයි මස 23 වැනි දා මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී රාත්‍රී 7:30 ට ආරම්භ වන අතර, මෙම උසස් පුණ්‍ය කටයුත්ත උදෙසා තම කාලය සහ කුසලතාව නොමසුරුව කැප කරමින් මෙරට ප්‍රමුඛ පෙළේ කලාකරුවන් නව දෙනකු සහභාගී වනු ඇත.
මෙම ප්‍රසංගය විනෝදාස්වාදය පමණක් නොව, ඇසේ සුද ආශ්‍රිත වළක්වා ගත හැකි අන්ධභාවය පිළිබඳව ද, දැනුවත්භාවය ඇති කරන අත්දැකීමක් වනු ඇත. ඇසේ සුද ආශ්‍රිත වළක්වා ගත හැකි අන්ධභාවය යනු, මේ වන විට ශ්‍රී ලංකාව පුරා වැඩිහිටි ජනගහනය වෙත අඛණ්ඩව බලපෑම් ඇති කරන බරපතළ තත්ත්වයකි.
එම අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු වූ අසරණ වැඩිහිටියන් වෙත යළි පෙනීම ලබා දීම උදෙසා වන මෙම ප්‍රසංගයේ දී සොහාන් වීරසිංහ, ඇනස්ලි මාලේවන, මරියසෙල් ගුණතිලක, අශාන්ති ද අල්විස්, ජූඩි ද සිල්වා, කීර්ති පැස්කුවල්, ෆැලන් ඇන්ඩ්‍රියා, ඩේමියන් වික්‍රමසිංහ සහ රුක්ෂාන් පෙරේරා ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රකට කලාකරුවන් කිහිප දෙනකු ම සිය දායකත්වය ලබා දෙනු ඇත.
ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන මේ සංගීත සන්ධ්‍යාව සිංහල සහ ඉංග්‍රීසි සංගීතයේ විචිත්‍රවත් මිශ්‍රණයකි. එය සංගීතවත් කරනුයේ, සොහාන් වීරසිංහ ප්‍රමුඛ AROH සංගීත කණ්ඩායම විසිනි.
මෙම විචිත්‍රවත් සැඳෑව පවුල් වශයෙන් විනෝදමත් වීමකින් ඔබ්බට ගොස් අසරණ වැඩිහිටි ජීවිත වෙනස් කරන මුල පිරීමකට ද සහාය වීමකි. හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා අක්ෂි රෝහල අඩු ආදායම්ලාභී වැඩිහිටි පුරවැසියන්ට නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් ලබා දීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර, 2009 දී ආරම්භ කළ දා සිට සැත්කම් 52,000 කට වඩා සම්පූර්ණ කර ඇත.
අන්ධභාවය වැළැක්වීමට සහ අන්ධකාරයේ අතරමං වන වැඩිහිටියන්ට පෙනීම සහ ස්වාධීනත්වය යළි ලබා දීම සඳහා සිදු කරන මේ සෑම සැත්කමක් සඳහා ම රු. 25,000 ක පිරිවැයක් දරන්නට සිදු වේ.
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර, 2041 වන විට ජනගහනයෙන් 25% කට වඩා වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 60 ට වැඩි අය වනු ඇතැයි පුරෝකථනය කර ඇති පසුබිමක, 500,000 කට අධික අසරණ වැඩිහිටි ශ්‍රී ලාංකිකයින් ඇසේ සුද ආශ්‍රිත අන්ධභාවයට ගොදුරු වීමේ අවදානමක් ඇති බැවින්, මෙම මුලපිරීම රටක් වශයෙන් ඉතාමත් වැදගත් ය.
හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා සභාපති තිලක් ද සොයිසා මහතා සඳහන් කළේ, "අපගේ වැඩිහිටි ජනගහනය, විශේෂයෙන් ඇසේ සුද ආශ්‍රිත අන්ධභාවයෙන් පීඩාවට පත් වූවන්, සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි පිරිසක්. 'සිම්ෆනි ඔෆ් හෝප්...' විනෝදාස්වාදයේ සන්ධ්‍යාවක් පමණක් නොව, අවශ්‍යතා ඇති අයට සහාය වීමට බලවත් අවස්ථාවක් සපයන්නේ මේ පසුබිම නිසයි. මෙය හෙල්ප්ඒජ් දැක්ම සහ සමගාමී වන අතර, ජීවිතය යළි සැමරීමක්ද වනවා. මෙම වැදගත් කාර්යයේදී අප සමඟ සිටීමට සියලුම ශ්‍රී ලාංකිකයින්ට අප ආරාධනා කර සිටිනවා..."
කලාකරුවන් ගේ සහයෝගය පිළිබඳ සභාපතිවරයා සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය.
"දැඩි කාර්යබහුලත්වය මැදදීත්, මෙම ශිල්පීන් වැදගත් අරමුණක් සඳහා ඔවුන්ගේ කාලය ශ්‍රමය බෙදා ගැනීමට එක් වී, අමතක නොවන සන්ධ්‍යාවක් නිර්මාණය කරන අතරම, දෘශ්‍යාබාධිතභාවයෙන් පෙළෙන සිය ගණනක් වැඩිහිටි පුද්ගලයින්ට බලාපොරොත්තුවක් සහ පෙනීම රැගෙන එනු ඇති. සංගීතයට සුව කිරීමේ බලයක් ඇති අතර, මෙම ප්‍රසංගය හරහා මෙම කලාකරුවන් අපගේ දර්ශනය ඉදිරියට ගෙන යෑමට සහ අසරණ ජීවිත පරිවර්තනය කිරීමට උපකාර කරනවා.." ඔහු පැවසී ය.
HelpAge Sri Lanka විධායක අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ බණ්ඩාර මහතා පැවසූයේ, "Symphony of Hope වැනි සද්කාර්යයන් හරහා, HelpAge Charity අක්ෂි රෝහලේ අපගේ ජීවිත වෙනස් කරන කාර්යය දිගටම කරගෙන යාමට අවශ්‍ය දැනුවත්භාවය සහ මූල්‍යමය සහයෝගය අපට ජනනය කළ හැකියි. අපගේ රෝහල දිනකට නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 20 ක් සිදු කරන අතර, ඒ සඳහා වැය වන වාර්ෂික මෙහෙයුම් පිරිවැය රුපියල් මිලියන 73 ඉක්මවන අතර, සෑම සහයෝගයකින් ම, වඩාත්ම අවශ්‍ය අයගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කරනවා..."
අනුග්‍රාහකත්වයන් සහ ටිකට් පත් අලෙවියෙන් ප්‍රසංගයට පූර්ණ අරමුදල් සපයනු ලබන අතර, අනුග්‍රාහකයින්ට විවිධ මාධ්‍ය හරහා සම්බන්ධ විය හැකියි. ප්‍රසංගයේදී බැනර් ප්‍රදර්ශනය, මාධ්‍ය ආවරණය සහ සමාජ මාධ්‍ය ප්‍රවර්ධනය... ඇතුළු අවස්ථා ගණනාවක් මේ සඳහා විවෘත යි.
අපගේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස විජය පුවත්පත් සමාගම කටයුතු කරන අතර ඩේලි මිරර්, ඩේලි එෆ්.ටී, සන්ඩේ ටයිම්ස්, ඉරිදා ලංකාදීප සහ දිනපතා ලංකාදීප... වැනි ජනප්‍රිය ප්‍රකාශන සමඟින්, විජය පුවත්පත් සමාගම මෙම අසිරිමත් සැඳෑව රට පුරා ජනතාවගේ හදවත් හා නිවෙස් තුළට ගෙන යාමට අපට උපකාර කරනවා.
අපගේ සුවිශේෂී විද්‍යුත් මාධ්‍ය අනුග්‍රාහකයා වන්නේ, ගෝල්ඩ් එෆ්.එම්. නාලිකාවයි. එය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංග්‍රීසි භාෂා ගුවන් විදුලි නාලිකාව වන අතර, මෙම උතුම් කාර්යයට සහාය වීම සඳහා එහි පොහොසත් සහ සාරවත් සංගීතයෙන් මෙම උත්සාහය තවදුරටත් පුළුල් වනු ඇති..."
හෙල්ප්ඒජ් ශ්‍රී ලංකාවේ ප්‍රජා සබඳතා ප්‍රධානී, තාරිකා ගුණතිලක මහත්මිය මෙසේ පැවසුවා ය.
"මෙරට විසිරී සිටින විවිධ පුණ්‍ය සංවිධාන සහ පුද්ගලයින් වෙත අප සමඟ හවුල් වී මෙම වැදගත් කාර්යයට දායක වීමට අප ආරාධනා කර සිටිනවා. ඔබේ සහයෝගය ශ්‍රී ලංකාවේ අසරණ වැඩිහිටියන්ගේ ජීවිත වෙනස් කරන සහ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් ලබා දීමට උපකාරී වන අතර, සැබෑ වෙනසක් ඇති කරන අරමුණක් සමඟ පෙළගැසෙන අතරතුර ඔබේ සමාගමට වටිනා ප්‍රචාරයක් ද මේ හරහා ලැබෙනු ඇත..."
ප්‍රධාන ශ්‍රවණාගාරයේ ටිකට්පත්
රු. 10,000/=, රු. 7,500/= සහ රු. 5,000/= ලෙස මිල ගණන් යටතේ පවතින අතර, බැල්කනියේ ටිකට්පත් රු. 2,500/= සහ රු. 2,000/= ලෙස මිල ගණන් යටතේ පවතී.
ටිකට්පත් Online හරහා ද මිලදී ගත හැකි අතර, යම් අනුග්‍රහයක් දැක්විය නොහැකි අය, ටිකට්පත් මිලදී ගැනීම හෝ ප්‍රසංගයට සහභාගී වීමෙන් මෙම අරමුණට සහාය වන ලෙස හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා ආයතනය ආරාධනා කර සිටියි.
අනුග්‍රාහක අවස්ථා පිළිබඳ වැඩි විස්තර හෝ ටිකට්පත් මිලදී ගැනීම සඳහා අමතන්න: තාරිකා ගුණතිලක, ප්‍රජා සබඳතා ප්‍රධානී, 077 3130280.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’ - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.