ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme, ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල සාප්පු සවාරි වෙබ් අඩවිය වන Daraz.lk සමඟ අත්වැල් බැඳගනිමින් මෙම වසරේ Black Friday සමයේදී සිය ගනුදෙනුකරුවන්ට මගහැරිය නොහැකි ආකාරයේ දීමනා රැසක් ගෙන එයි.
realme විසින් Daraz 11/11 Sale සහ Daraz Black Friday යන අවස්ථා දෙකෙහිදීම මෙම දීමනා එළිදක්වා ඇත. Daraz 11/11 ප්‍රවර්ධන වැඩසටහන නොවැම්බර් 11 වැනිදා ආරම්භ වී නොවැම්බර් 17 වැනිදා අවසන් වීමට නියමිතය. Daraz Black Friday ප්‍රවර්ධන වැඩසටහන නොවැම්බර් 24 වැනිදා ආරම්භ වී නොවැම්බර් 29 වැනිදා දක්වා පැවැත්වේ.
realme විසින් සිය ස්මාර්ට්ෆෝන් සහ AIoT උපාංග යන දෙකම ආකර්ශනීය වට්ටම් සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථාව සිය ගනුදෙනුකරුවන්ට මෙම සමයේදී ලබා දෙනු ඇත. C11 – 2021, C21Y, Buds Q2, සහ realme Watch2 වැනි ජනප්‍රිය realme නිෂ්පාදන Daraz 11/11 Sale සහ Daraz Black Friday කාලය තුළ වට්ටම් සහිතව විකිණීමට ඇත. උදාහරණයක් ලෙස 4GB RAM සහ 64GB ධාරිතාවකින් යුත් C21Y මෙහිදී මිලදී ගත හැක.
realme ශ්‍රී ලංකා හි අලෙවි ප්‍රධානී ෂෝන් යාන් මහතා සිය අදහස් දක්වමින් මෙසේ පැවසිය, “තරුණ තරුණියන්ට දැරිය හැකි මිලකට නවීන තාක්‍ෂණයන් පිරිනැමීම මගින්, realme සිය “Dare to Leap” යන සංකල්පය යටතේ සිය ජනප්‍රියත්වය අඛණ්ඩව වර්ධනය කරගනිමින් සිටිනවා. realme දැනට ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත්ව තිබෙනවා. මෙයට හේතුව තාක්ෂණික වශයෙන් වඩා හොඳ තත්ත්වයේ භාණ්ඩ දැරිය හැකි මිලකට ලබා දීමයි. Daraz, realme හි වර්ධනයේ ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබෙනවා. Daraz අලෙවියේදී 92% ක ධනාත්මක විකුණුම් ශ්‍රේණිගත කිරීමක් උපයා ගැනීමට realme සමත්වී ඇති අතර realme රසිකයන් අපගේ නිශ්පාදන පිළිබඳව සතුටු වන බවට එය කදිම උදාහරණයක් වනවා. 2021 ජූලි Daraz Mobile Week ප්‍රවර්ධන වැඩසටහනේදී Realme C11-2021 ජංගම දුරකථනය "ඉහළම ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් මාදිලිය" බවට පත් වූ අතර පසුගියදා අවසන් වූ "Daraz Million Desires" ප්‍රචාරණයේදී ජංගම සහ ටැබ්ලට් සන්නාම කාණ්ඩයේ ඉහළම නිෂ්පාදන 3 අතරටද ඇතුළත් විය. මෑතකදී අවසන් කරන ලද Daraz turns 5 ප්‍රචාරණ ව්‍යාපාරයේ දී රියල්මේ C11 - 2021, ජංගම දුරකථන කාණ්ඩයේ ප්‍රථම ස්ථානයට පත් විය.”
“realme සිය වර්ධනයට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස e-commerce දකින අතර අපි Daraz සමග ඔවුන්ගේ ඉදිරි ප්‍රචාරණ කටයුතු සඳහාද සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා" "වැඩිදුරටත් සිය අදහස් දක්වමින් realme අලෙවිකරණ ප්‍රධානී ෂෝන් යාන් මහතා මෙසේ පැවසීය.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
Realme සහ Daraz.lk diamond partnership වෙතින් daraz 11.11 අලෙවියෙදී සහ Black Friday හිදී මගහැරිය නොහැකි දීමනා රැසක්
G G PRADEEP Wednesday, 05 January 2022 07:32 PM
සුපිරි
A.M Nuwan sampath Wednesday, 19 January 2022 08:48 AM
ඩයමන්ඩ් හවුල්කාරිත්වය යනු කුමක්ද, මගේ ගූගල් මුදල් ඔන්ලයින් ගිණුම සඳහා මට ලැප්ටොප් පරිගණකයක් ලබා ගත හැකිද?