IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්නාමවලින් පැමිණි 650කට වැඩි ප්‍රවේශ අතරින් කාණ්ඩ 06ක් යටතේ සම්මාන 09ක් ජයග්‍රහණය කර තිබෙනවා.

Green Beauty Awards තුළින් සන්නාම හරහා ඔවුන්ගේ හරිත දර්ශනය අගය කිරීමක් සිදුවනවා. මෙහි ජයග්‍රාහකයින් තෝරාගැනීම ක්ෂේත්‍රයේ විශේෂඥ මණ්ඩලයක් යටතේ සිදු කෙරෙන අතර සෑම කාණ්ඩයකම ජයග්‍රාහකයින් තෝරාගැනීම සිදු වූයේ නිෂ්පාදනවල ඵලදායී බව සලකා බැලීම මඟිනි.

Spa Ceylon සම නිර්මාතෘ සහ සමූහ අධ්‍යක්ෂ, ශලින් බාලසූරිය මහතා මේ ගැන අදහස් දක්වමින් පැවසුවේ, “මේ සම්මාන, ශ්‍රී ලංකාවේ උරුමය සහ සොබාදහමෙන් අපිට ලැබුණු ත්‍යාගය නැවත නැවතත් ජාත්‍යන්තර තලයේ බැබළීමට ලැබුණු අභිමානවත් අවස්ථාවක් ලෙස සලකන්නට පුළුවන්. මේ ජයග්‍රහණ අපේ රටේ අමුද්‍රව්‍යවල සුවිශේෂී ගුණාත්මක බව මෙන්ම යහපැවැත්ම සහ තිරසාර බව කෙරෙහි Spa Ceylonහි කැපවීම පිළිබඳ සාක්ෂියක්" ලෙසයි. තවදුරටත් සිය අදහස් ප්‍රකාශ කරමින් ඔහු “අපේ උත්සාහය මේ සම්මාන ලැබුණු නිෂ්පාදනවල අඩංගු කර ඇති නැවුම් පොල්, කෝමාරිකා, සේර, සල් සහ කහ වැනි දේශීය අමුද්‍රව්‍යවලින් පෙන්නුම් කෙරෙනවා. 100% නිර්මාංශ, සත්ත්ව හිංසනයෙන් තොර, හානිකර විෂවලින් තොර, සදාචාරාත්මකව මූලාශ්‍ර කරගත් අමුද්‍රව්‍ය සමඟින් සෑදුණු අපේ නිෂ්පාදනවලින් අපේ දේශීය ප්‍රජාවට සහ පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමටත් අපි කැපවී සිටිනවා" යනුවෙන් ප්‍රකාශ කළා.

ලොව ප්‍රමුඛතම රූපලාවන්‍ය සන්නාම එක්රැස් කරගෙන මෙවර 5 වන වරට පැවති Global Green Beauty Awards හිදී සම්මාන 09ම හිමිකර ගනිමින් මේ වතාවත් සමඟ මෑත කාලීනව 2024 වසරේ දී Spa Ceylon, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් සම්මාන 26ක් අත්කර දෙන්නට සමත් වුණු බව ආඩම්බරයෙන් සිහිපත් කරන්නට පුළුවන්.

“අද වන විට ලෝකය පුරා පාරිභෝගිකයින් තම සම මත ආලේප කරන නිෂ්පාදනයේ හැඟීමෙන් ඔබ්බට ගොස්, නිෂ්පාදනවල ආචාර ධර්ම සහ මූලාරම්භය දෙස බලන්නට පුරුදු වී සිටිනවා. මේ සමඟම අපේ සුවතා සූත්‍ර වටා මූලික ප්‍රතිපත්තිය සකස් කරන අපේ ‘Clean and Green’ යන දර්ශනය මනාව ගැලපෙනවා” යනුවෙන් Spa Ceylon සම නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ශිවන්ත ඩයස් මහතා සිය අදහස දැක්වූවා. තවද අපේ තිරසාර භාවිත සහ සදාචාරාත්මක රූපලාවන්‍ය ප්‍රමිතීන් සමඟ Skin Care සහ Wellness යන අංශ සඳහා අපේ රට දක්වන දායකත්වය ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය කිරීමට මේ Global Green Beauty Awards සම්මාන උළෙල විශිෂ්ට වේදිකාවක් සපයන බව ඔහු ප්‍රකාශ කළා.

2024 Global Green Beauty Awards හිදී Spa Ceylon විසින් දිනාගත් ජයග්‍රහණ පහත දැක්වෙනවා;

Spa Ceylon Virgin Coconut 20% Body Cream සඳහා Best Coconut Product රිදී සම්මානය

Best Sleep Balm සඳහා සම්මාන තුනක්: Spa Ceylon Peace Balm සඳහා රන් සම්මානය , Spa Ceylon De-Stress Balm සඳහා ලෝකඩ සම්මානය සහ Spa Ceylon Sleep Intense Balm සඳහා Highly Commended සම්මානය

Sleep Intense Dream Balm සඳහා Best Essential Oil ලෝකඩ සම්මානය

Spa Ceylon De-Stress Infusion සහ Spa Ceylon Sleep Intense Infusion සඳහා Best Sleep Product ලෝකඩ සම්මානය

Spa Ceylon Sal & Saffron Serum සඳහා Best Hydrating Serum සඳහා රන් සම්මානය

Spa Ceylon True Turmeric Serum සඳහා Best Renewing Serum සඳහා Highly Commended සම්මානය



අදහස් (0)

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

ඔබේ අදහස් එවන්න

You may also like

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!
2024 සැප්තැම්බර් මස 13 91 0

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න


මදසරු භාවය
2024 අගෝස්තු මස 15 2151 1

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව


සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි
2024 අගෝස්තු මස 08 998 0

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය


ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්
2024 ජුලි මස 31 734 5

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි
2024 ජුලි මස 23 814 0

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර


වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි
2024 ජුලි මස 13 306 0

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 91 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2151 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 998 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site