නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි.
දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැරදි ප්‍රථමධාර ලබා දීමෙන්, අනතුරු හා එහි බලපෑම් අවම කළ හැකිය.
දරුවෙක් වැටීමෙන් පසු දෙමව්පියන් පළමුවෙන්ම ඉන් කලබලයට පත් නොවී, හඬන, කෑ ගසන දරුවාව සුරක්ෂිතව තමන්ගේ තුරුළට ගෙන අස්වැසිය යුතුය. කතා කළ හැකි වයසක දරුවෙකු නම් වැටීමෙන් ගැටුණු ස්ථාන පිළිබඳව විමසිය යුතු අතර ළදරුවෙකු නම් දරුවාව සමීපව නිරීක්ෂණය කර, සිදු වී ඇති දේ සොයා බැලිය යුතුය. හිස වැදී ඇත් නම් හෝ යම් තැනක් ඉදිමී ඇත්නම් උණුසුම් දේවලින් තැවීම නොකළ යුතුය. වේදනාව සමනය කිරීමට අයිස් කැටයක් පිරිසිදු රෙදි කැබැල්ලක දවටා මෘදු ලෙස තැලුම් ස්ථානය මත තැබිය යුතුය. මෙහි දී එකතු වූ රුධිර කොටස් පවතියි නම් ඒවා තුනී වී යයි. කිසි විටෙක අයිස් සෘජුව සම මත නොතැබිය යුතුය.
දරුවෙකුගේ හිස වැදුණු සැනින් වමනය කිරීම එම වැදීමේ ප්‍රතිඵලයක් නොවේ. දරුවා නිශ්චලව සිට පැයක් ඇතුළත වමනය කළ හොත් එය මෙම හිස වැදීමේ ප්‍රතිඵලයක් ලෙස සැළකිය හැකිය. පැයකින් පසුවත් දරුවා වමනය කරන්නේ නම් දරුවාව රෝහල වෙත රැගෙන යා යුතුය. එසේම දරුවා පැය 1 -1 1/2 අතර කාලය තුළ සිහිමද ගතිය, නිදි බර ස්වභාවය, සෙල්ලම් කිරීම අඩු වීම හා කිරි නොබීම වැනි ලක්ෂණ පෙන්නුම් කළ හොත් දරුවාව හැකි විගස රෝහලට රැගෙන යා යුතුය.
වැටීමෙන් පසු දරුවා සති ගණනාවක් ස්නානය නොකර තැබීම දරුවාගේ සෞඛ්‍ය කෙරෙහි බලපායි. විෂබීජවලින් දරුවා ආරක්ෂා කළ යුතු නිසා හිස වැදීමකින් පසුව වුව ද ස්නානය කරවීම ගැටලුවක් නොවේ.
පිළිස්සීම් ද නිවසේ දී බහුලව සිදු වන අනතුරකි.
අනාරක්ෂිත විදුලි පේනු, විදුලි උපකරණ මෙන්ම, ගිනි පෙට්ටි, ඉටි පන්දම් වැනි දේ දරුවාගේ අතට හසු නොවන සේ ආරක්ෂිතව තැබීමෙන් පිළිස්සීම් වළක්වා ගත හැකියි.
පිළිස්සීමක දී මව්පියන් සන්සුන්ව සිට, දරුවා රෝහලකට රැගෙන යාමට ප්‍රථම පිළිස්සුම් ස්ථානය ගලා යන සිසිල් ජලයට විනාඩි 20ක් පමණ අල්ලා තැබීම කළ හැකිය. දැඩිව පිළිස්සී හෝ ඇඳුම් ඇඟට ඇලී ඇත්නම්, කිසි විටෙක එම ඇඳුම් ඉවත් නොකිරීම හා ඇඳුම් ඇන්දවීමෙන් වැළකිය යුතුය. කිසිදු ආලේපයක් ද නොගැල්විය යුතුය. සමේ මතුපිට කිසිවක් ආලේප නොකර, ඉතා සෞම්‍යව තැබීමෙන් මෙම උණුසුම පිටතට ගොස් අභ්‍යන්තරයට හානි වීම අවම කරයි.
නොසැළකිලිමත් බව හා නොදැනුවත්කම නිසා වන අනතුරු වැළැක්වීම හා අවම කිරීමෙන් දරුවාට සුරක්ෂිත ලොවක් නිර්මාණය කළ යුතුය.
නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍යය සේවා නිළධාරිනී,
මනෝ විද්‍යා උපදේශිකා, මනෝ චිකිත්සක
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු