වසර 2,500 කටත් වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ වී ගොවිතැන සඳහා හිමිවන්නේ ප්‍රධාන ස්ථානයක්. කලක් ආසියාවේ පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් ප්‍රචලිත වූ ශ්‍රී ලංකාව, ස්වදේශීය සහල් වර්ග 3,000 කට අධික ප්‍රමාණයක් ලෝකයට හදුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත පාරම්පරික රතු සහල් වර්ග වන සුවඳැල්, කඵ හීනටි, මඩතවාලු වැනි දේශීය පාරම්පරික වී වර්ග සඳහා ඒවායේ පවතින ඖෂධීය ගුණය නිසා සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. විශේෂයෙන්, සුවඳැල් වැනි ඉහළ ඖෂධීය ගුණයක් සහිත දේශීය සහල් වර්ග අතීතයේ සිටම රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිත කර තිබෙන නමුත්, වර්තමාන පරපුර අතර මෙහි ප්‍රයෝජන පිළිබඳ ඇත්තේ අවම දැනුමක්.
පැහැපත් මෙන්ම නිරෝගී සමක් යනු ඕනෑම අයකුගේ සිහිනයක්. මේ සඳහා විටමින් සහ ඛනිජ ලවණ වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් සහල් සත්කාරයන් සිදුකිරීම එම සිහිනයන් යථාර්තයන් බවට පත්කර කරගැනීමට ඉවහල් වනවා.
"සුවඳැල්" යන පදය පැමිණෙන්නේ මෙම විශේෂිත සහල් වර්ගයට ඇති විචිත්‍රවත් සුවඳ නිසාවෙන්. මෙම සහල් වර්ගයට සමෙහි පැහැය වර්ධනයට මෙන්ම, සමබර කායික වර්ධනයක් සඳහා උපකාරී වීමේ හැකියාවක්ද ඇති බව සනාථ වී තිබෙනවා. මෙම සුවිශේෂී සහල් වර්ග වගා කිරීම බොහෝ විට පුජනීය පිළිවෙත් වලට අනුකූලව සම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරමින් සිදු වනවා. එම නිසා මෙහි අස්වනු නෙලාගැනීම සඳහා වැඩි කාලයක් ගත වනවා. නමුත් පසුගිය දශක කිහිපයක කාලය තුල, වැඩි වශයෙන් වාණිජමය අවශ්‍යතා සඳහා සහල් නිෂ්පාදනය වැඩි වත්ම, සම්ප්‍රදායික ක්‍රමෝපායන් හරහා වගාකරන සහල් සඳහා අඩු අවධානයක් යොමුවී ඇත. මේ හමුවේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට ඉහළ දායකත්වයක් ලබාදෙන පෝෂණීය ගුණයන්ගෙන් අනූන පාරම්පරික සහල් භාවිතය කෙමෙන් කෙමෙන් අඩුවන ප්‍රවණතාවයක් දැකගත හැකි වනවා.
සාම්ප්‍රදායික සහල් වල පෝෂණ ගුණය ගැන ගැඹුරට සොයා බැලුවහොත්, දුඹුරු සහල් වල සුදු සහල් වර්ග වලට වඩා වැඩි ප්‍රතිඔක්සිකාරක ගුණයක් ඇති බව සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අත්‍යවශ්‍ය විටමින්, ඛනිජ ලවණ, කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් ප්‍රමාණවත් කොටසක් මෙම සහල් වර්ග වල අන්තර්ගත වෙනවා. සාම්ප්‍රදායික සහල් වර්ග තුළ දක්නට ලැබෙන ප්‍රබලතම ප්‍රතිඔක්සිකාරකය වන ෆෙරුලික් ඇසිඩ් මඟින් දිදුලන සමක් ලබා දෙනවා සේම පාරජම්බුල කිරණ වලින් සමට ස්වාභාවිකව ආරක්‍ෂා ලබා දීමට හැකියාව පවතිනවා. තවද මේවායේ ඇති විවිධ ඖෂධීය ගුණයන් හට සමේ තෙතමනය වැඩි දියුණු කරමින් සම පෝෂණය කිරීමේ ඉහළ හැකියාවක් පවතිනවා. මෙම පාරම්පරික සහල් වල ලිපිඩ අඩංගු නිසා, සම අභ්‍යන්තරය ශක්තිමත් කර සමේ අම්ල ආවරණ පවත්වා ගනිමින් අත්‍යවශ්‍ය තෙතමනය ද රඳවා ගන්නවා. සාම්ප්‍රදායික සහල් වල ඇති Epidermal Growth Factor (EGF) මගින් සමේ සෛල වර්ධනය සිදු කර වියලි හා රැලි පෙනුම අඩු කරමින් ක්‍රියාකාරීව ආරක්ෂා කරනවා. සහල් වල ඇති EGF යනු ප්‍රෝටීන් වන අතර එය මිනිස් EGF වලට සමානයි. එය සමේ වැඩෙන සෛල උත්තේජනය කිරීමට සහ සෛල වල පැවැත්මට උපකාරී වෙනවා. මෙම සියලු සම රැකවරණ ගුණාංග සමෙහි පැහැය වැඩි දියුණු කරන අතර සමෙහි තෙතමනය ආරක්ෂා කර දෙනවා.
වර්තමානයේ සෞඛ්‍ය ගැන දැනුවත් පිරිස වැඩි නිසා බොහෝ දෙනා ස්වාභාවික සමේ සත්කාර වෙත යොමු වෙනවා. ඒ වගේම පෞරාණික රූපලාවණ්‍ය චාරිත්‍ර සහ දිදුලන, තරුණ සමක් සඳහා සාම්ප්‍රදායික සහල් වල වැදගත්කම පිළිබඳව ද වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නිරෝගිමත් සහ පැහැපත් සමක් ලබාගැනීම උදෙසා පාරම්පරික දේශීය සහල් සත්කාරය
සුරලොව ඇල්මන් Wednesday, 22 September 2021 07:37 AM
අපි කුඩා කාලයේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි ලීවෙමු.එකලත් අවුරුදු දෙදහස් පංසියයක් ගැන කීවෙමු.කාලය ගතවීම තිතක් තබා නවතා තිබේද