‘කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා.....’ කියුවට මේ කියන විදිහට හැමෝම කැන්දන් යන්නෙ නෑනෙ. ඒ නිසා කියන හුඟක් දේවල් ප්‍රායෝගිකත්වයක් නැති වචන මාලාවක් පමණයි. වචන ඇතුළෙ මොන තරම් ජීවිත විනාශ වෙනවද? හැඟීම් හා වචනවලින් ඔබ්බට බොහෝ අය මිනිස්සු ඇසුරු කරන්නෙ නෑ. උවමනා දේ කර ගත්තට පස්සෙ ඕන කෙනෙක් අතහරින්න පුළුවන් සමාජයක් තුළයි ඔබ අප ජීවත් වෙන්නෙ. උවමනා දේ කරගෙන යමෙක් අත හරින කොට එක්කො ඒ ජීවිතේ අපායක් බවට පත්වෙලා ඉවරයි. මවපු දිව්‍ය ලෝක කෝ.... කියලා එයාලා තමන්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්නෙ අහන්නවත් කෙනෙක් අවසානෙ එයාලට ඉතිරිවෙලා නෑ. නන්නත්තාර වුණු සමාජයක සිද්ධ වෙන සුලබ කතාවක් ලියන්න අතුලයි මමයි පිටත් වුණා. මෙන්න කතාව......
විවාපත් වූ සමහර බිරින්දෑවෝ රැකියා කරති. තවත් බිරින්දෑවෝ රැකියා නොකරති. බොහෝවිට බිරිඳ රැකියාවක් කළ යුතුද, නොකළ යුතුද යන්න විවාහයට පත් වූ පසු දෙන්න දෙමහල්ලෝ සාකච්ඡාවෙන් තීරණය කර ගනිති.
බිරිඳ රැකියාවක් කරනවාට ඇතැම් සැමියන් කැමැති නැත. ඒවාට විවිධ හේතු ඔවුන් ළඟ තිබේ. සමහරු කියන්නේ “ගෙදර ප්‍රශ්න වගකීම් වැඩියි. ඒ නිසා නෝනා රස්සාවට යනවට මම කැමැති නෑ” යනුවෙනි. සමහර සැමියෝ කියන්නේ, ‘අද කාලේ ගෑනියෙකුට පාරේ බැහැලා යන්න පුළුවන්ද, ඒ නිසා නැති ප්‍රශ්න කරේ ගහ ගන්න මම කැමැති නෑ. නෝනා ගෙදර හිටපුවාදෙන්...’ කියාය.
බිරිඳ-සැමියා ගැන අවධානය අඩුකරන්න එපා
විවාහ ජීවිතය ගෙවන අඹු-සැමි යුවළක් කිසි විටෙකත් දෙදෙනෙක් නොවිය යුතුය. ඔවුනොවුන් එක්කෙනෙකුම විය යුතුය. මෙයින් අදහස් කරන්නේ සැමියාගේ හා බිරිඳගේ අදහස්වල යම් සමරූපීතාවක් තිබිය යුතු බවයි. ඒ මත විවාහ ජීවිතය සමබරතාවයෙන් ගත කළ හැකිය. ඔවුනොවුන් දෙදෙනෙකු හැටියට සිතන සෑම විටම අනවධානය (දුරස්ථභාවය) එම පවුල් පරිසරය තුළ නිර්මාණය වේ. අද බොහෝ පවුල් සංස්ථා කඩා වැටීමට මේ දුරස්ථභාවය හේතු භූත වී ඇත. ඇතැම් සැමියන් බිරිඳගෙන් දුරස්ථය. බිරින්දෑවන්
සැමියාගේ බීමත්කම, ලිංගික තෘප්තියක් නොලැබීම, ආර්ථික ප්‍රශ්න අනවධානය, තමාට නිසි ගෞරවයක් නොලැබීම, ආදී විවිධ කාරණා මෙහි තිබිය හැක.
|
මේ කතා දෙකේම ඇත්තක් තිබේ. විවාපත් වූ යුවතිපතීන්ට වගකීම් වැඩිවීම නිසා බිරිඳ රැකියාවක් නොකර ගෙදර නතර වීමද අප දකින දෙයකි. ඒත් ආර්ථික ප්‍රශ්න නිසා ඇතැම් බිරින්දෑවෝ රැකියා සොයා නගරයට ඇදෙති. එවැනි විවාහක බිරින්දෑවන් ඉලක්ක කරන කල්ලියක් ගැන අද අපි ලියමු.
අතුලත් මාත් ගාලු පාරේ ස්ථාන කීපයක් වෙත ගියෙමු. අතුල මා කැඳවාගෙන යන්නේ එළිමහනේ ප්‍රසිද්ධ ජෝඩු හැසිරෙන ස්ථානයක් වෙතය.
‘මහත්තයො.... මේ ජෝඩුව දිහා ටිකක් බලන්න....’
අරුමයක් නැතත්, පුදුමයක් ඇත.... එයට හේතුව ඔෆිස් පැමිණෙන අවුරුදු 45ක පමණ කාන්තාවක් අවුරුදු 35ක පමණ පෙනුමැති තරුණයකු අත දැවටී සිටීමයි. එය අනියම් සබඳතාවක් බවට ස්ථිරයි. තවත් එවැනිම ජෝඩු රැසක් බස් ඇතුළේත්, කෝච්චි ඇතුළේත් කොළඹ වීදිවල අපි දුටුවෙමු. සමහර අනියම් සබඳතා තම තමන්ගේ වාහන ඇතුළේම නිසා අපට විවෘත නැත. ඒ ගැන සමීක්ෂණයක් වෙනම කරනවා නම් එයද ලස්සන කතාවකි. නමුත් අපේ කතාව සමීක්ෂණයක් නොව එක්තරා කල්ලි වාදයක අනිසි ප්රතිඵලයකි.
‘මහත්තයො... ලස්සන සාරි ඇඳන්, තොල් පාට කරලා කියුටෙක්ස්ගාලා කොණ්ඩෙ ඩයි කරලා සුවඳට සුවඳේ කොළඹ එන නෝනලා දැලේ දාන්න වෙනම සෙට් මේ නගරෙ ඉන්නවා. මේ සෙට් එක වැඬේට බහින්නෙම බැඳපු නෝනලට, එයාලා නෝනව දැකපු ගමන් දන්නවා, මේ නෝනට එයා බලාපොරොත්තු වෙන ආදරය ලැබෙනවද, නැද්ද කියලා. ඔය සමහර නෝනලට නියම ආදරය සැමියාගෙන් ලැබෙන්නේ නෑ.... සැමියා එක්ක ළඟට වෙලා හිටපු දවසක් ළඟ පාතක නෑ. ඒ වගෙ නෝනලා දැක්කම එයාලට ජීවිතේ තෘප්තියක් නොලැබෙන බව මේ කණ්ඩායම දන්නවා....’
අතුල මහතා කතාවට පිවිසෙයි... ස්ත්‍රියක වේවා, පුරුෂයකු වේවා, විවාපත් යුවළක් කායිකව එකතු වීම සාමාන්‍ය දෙයකි. නමුත් එය බලාපොරොත්තු වන අන්දමින් ලැබීම නොලැබීම මත විවිධ අඩදබර භේද බින්න වීම් ඇති වීම ගැන අපට නුහුරු නැත. සමහර කාන්තාවන් ‘පිට යනවා’ කියන අර්ථයෙන් සමාජය දක්වන්නේ බලාපොරොත්තු වන ආදරය සැමියාගෙන් නොලැබීම නිසා බිරින්දෑවන් ‘වෙන අතක්’ බැලීම ගැනය... අතුල මා හා පවසනු ඇත්තේ මෙවැනි කාන්තාවන් පැටළෙන එක්තරා දැලක් ගැනය.
‘හුඟක් නෝනලා සැමියාට දරුවන්ට වෙන්න ඕනෙ යුතුකම හරි අපූරුවට සිද්ධ කරනවා. කිසිම අඩුපාඩුවක් නෑ. ඒත් මහත්තයො මේ නෝනලා සැමියාගේ ආදරය අතින් පුදුම විදිහට දුක් විඳිනවා. එහෙම නගරයට ඇදෙන නෝනලට සමීපව කෙනෙක් ඇසුරට වැටුණොත් එයාගෙ මුළු ජීවිතේම එයා එහෙම ගත්තම ඔෆිස් කාලයෙ එක පවුල් ජිවිතයක් ඒ නෝනා කොළඹදී ගෙවනවා. හවස ගෙදර ගියාම අර අප්පිරියා වෙච්ච පවුල් ජීවිතේ ඇතුළට වෙලා කාලා බීලා නිදා ගන්නවා. හැබැයි මේ නෝනා හරි තෘප්තිමත්.... මොකද එයාට දවල් කාලෙ තියෙන පවුල් ජීවිතේ ගැන විශාල බලාපොරොත්තුවක් තියන නිසා.... මේ වගෙ ගොඩක් නෝනල අතරෙ සමහර නෝනලා මුහුණ දෙන්නෙ විශාල අකරතැබ්බ වලට.’
ඒ කුමක්ද යන්න දැන ගැනීමට මගේ ඇස් ඔහු දෙස යොමුවෙලා...
අතුල වැල්ලවත්ත ස්ථානයකදී මට ඉඟියක් පළ කරයි.
‘මේ ඉන්න ජෝඩුව බලන්න...’
‘මේ ඉන්න කොල්ලා මම කියන කල්ලිය නියෝජනය කරන කෙනෙක්....’ ඔහු අත පැටලී සිටින්නේ උසස් රැකියාවක් කරන මැදිවියේ රූමත් කාන්තාවකි. ඇයට වයස 40 ක පමණ පෙනුමක් ඇත.
‘ඔය නෝනා, බැංකුවක ඉහළ නිලධාරිනියක්....’ බැලූ බැල්මට එය එසේම විය යුතුය, ඒ තරම් වැදගත් පසුබිමක් ඇයගේ රූපසුවෙන් පෙනී යයි.
‘වැදගත් වුණත් මහත්තයො, ආදරය නැති තැන තියෙන අසරණ කමේ ප්‍රතිඵලය තමයි මේ. නැත්නම් මේවගෙ රස්තියාදු කාරයෙක් එක්ක දවාලෙ පවුල් ජීවිතයක් ගත කරයිද? ඔය නෝනගෙ මහත්තයා උදේට මොන්ටෙරෝ එකකින් ගෙනත් බස්සනවා. හවසට එක්ක යනවා. ඒ කාලෙ තුළ ඔය නෝනත් ගොඩක් සෙල්ලම් නටන කෙනෙක්. මේ ගෝල් රෝඞ් එකේ අපට ඉතින් ඕවා ‘සිම්පල් සීන්’.... ඔයවගෙ නෝනලා ලංකාවේ හැම තැනම ඉන්නවා’ අතුල කියයි....
‘කතාව ඕක නෙවෙයි. සමහර නෝනලට අලුත් අදරය වෙනුවෙන් හම්බ වෙන්නෙ මාරයො.. උන් කරන්නෙ නෝනව පාක් එක්ක යනවා. බීච් එක්ක යනවා. ඊට පස්සෙ දවල්ට දවල්ට රූම්වලට එක්ක යනවා. ආදර සම්බන්ධයකින් පටන් ගන්න මේ සම්බන්ධ ඉතාම ටික දවසකින් වෙනත් දෙයක් බවට පත් වෙනවා. මොකද විවාහක නෝනල බලාපොරොත්තු වෙන්නෙ ආදරයක මුවාවෙන් කායික සංතර්පනයක් වන නිසා.
හැබැයි මේ නෝනලට ජීවිතේ පැටලෙන තැනක් තියනවා. අපි කියන කල්ලිය මේ ලස්සන නෝනලා එක්ක යාළු වෙන්නෙ සල්ලි හොයන්න. නෝනව විකුණන් කන්න. ඔබ හිතාවි නෝනා ලොකු රස්සාවක් කරන නිසා එයගෙ පඩිය හූරගන්න, පොතේ සල්ලි ගන්න ඇසුරු කරනවා කියලා. ඒක එහෙමම නෙවෙයි.
මේ සෙට් එකේ කොල්ලො නෝනලා හතර පහ ඇසුරු කරනවා. ඒ අය හමුවෙන්නෙ වෙනම ඇපොයින්මන්ට් වලට.’
‘බිස්නස් එක මේකයි.’
ලොකු ලොකු නෝනලා මැඩම්ලා ගෙදරින් තමන්ට නොලැබෙන ආදරය පිටින් ලැබෙනකොට එයාල කොල්ලට සල්ලි දෙනවා. මේ කොල්ලො හුඟ දෙනෙක් එයාලා එක්ක නෝන ඉන්න හැටි වීඩියෝ කරනවා. ඡායාරූප ගන්නවා. මේ කිසිම දෙයක් නෝනා දන්නෙ නෑ.
අවසානෙ දන්නේම නැතුව එයා බ්ලැක් මේල්.
ඊට පස්සෙ මේ මැඩම්ලාට මෙහෙම කියනවා.
‘ඔයාගේ සේරම සෙල්ලම් වීඩියෝ කරලා මම ළඟ. දැන් මම කියන විදිහට ඔයා ඉන්න ඕනෙ. නැත්නම් මහත්තයට, අම්මලාට මේ වීඩියෝ වල සීඩී ලැබේවි.’
ඉන් පසු ඇයට රස්තියාදුකාරයකුගේ අණට යට වෙන්නට සිදුවේ. මේ රස්තියාදුකාරයෝ ඉන් පසු විශාල මිලට මේ සුරූපී ලඳුන් තවත් සල්ලිකාරයන් වෙත අලෙවි කරති.
‘මහත්තයො මේ මැඩම්ලාව විකුණන්නෙ ලස්සනට විතරක් නෙවෙයි, කරන රස්සාවත් මාර්කට් කරලා. ලස්සනටයි-රස්සාවටයි දෙකටම එක්ක මිල නිකුත් කරන්නෙ. ඒ නිසා විශාල මිලකට ඇය විකිණෙනවා. එහෙම විකුණන ඉහළ කාන්තාවන් ලොකු මුදලට ගන්න හොඳ ව්‍යාපාරිකයො, සල්ලිකාර මහත්තුරු ඉන්නවා.’
‘ගෑනියක් නම් ලක්ෂ ගාණක් වුණත් විසි කරන මිනිස්සුනෙ මේ ලෝකෙ ඉන්නෙ...’
‘රස්තියාදුකාරයො මේ වගෙ නෝනලා තුන් හතර දෙනෙක් තියා ගත්තම තව මොනවද?’
මේකත් සුපිරි බිස්නස් එකක්. බැංකු, රාජ්‍ය ආයතන පුද්ගලික ආයතනවල ඉහළ නෝනලට මේ දැල එළෙනවා. ඒ නිසා ඒ අය පරිස්සම් වෙන ගමන් ඒ අයගෙ මහත්තුරුත් නෝනව පරිස්සම් කර ගත්තොත් හොඳයි කියලයි අපට කියන්න තියෙන්න. නැත්නම් මහත්තුරුනේ... නෝනා ගණිකාවක් වෙන්න අවදානම දැන් සමාජයේ හැදිලා ඉවරයි. ඒ කොළඹ විතරක් නෙවෙයි හැම පළාතෙම සූක්ෂමව වෙන දෙයක්. නෝනා නයිට් ඩියුටි නම් ඒ ඩියුටිය කරන තැනත්, දවල් ඩියුටිය කොහෙද කියලවත් හෙව්වට කමක් නෑ.. මොකද පරිස්සම සියල්ලට වඩා හොඳ නිසා. නෝනා ‘පිට යනවා’ නම් මූලිකම දේ මහත්තයා ඇය ගැන හොයා නොබලන එක බවත් අමතක කරන්න එපා.
අපි මේ ලියන්නෙ කවුරුවත් බය කරන්නවත්, ඒ ඒ අයට ප්‍රශ්න දාන්නවත් නෙවෙයි. කාට කාටත් පරිස්සම වැදගත් වෙන නිසයි. මේ කතාවෙත් ඇත්ත නැත්ත ඕනේ නම් හොයල බලන්නකො.