අසූවේ මිනිසා ගැහැනියක වීමට යයි


එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාවේ විශ්‍රාමිකයකු වන ජේම්ස් රෝස් ලබන වසරේ ඔක්තෝබරයේ දී ඒ ගැහැනියකවීම සඳහා සැත්කමක් කරවා ගැනිමට නියමිතය. එවිට ඔහුගේ වයස අවුරුදු අසූවකි. දැන් ඔහුගේ නම රූත් රෝස්ය. 1941 දී සිය බිරියගෙන් දික්කසාද වූ ඔහු ගැහැනියක මෙන් ඇඳුම් පාළඳුම් අඳියි. විශ්‍රාමිකයන් සඳහා වන සෞඛ්‍ය පහසුකම් මත සැත්කමට ඇමරිකා ඩොලර් 13500ක් (රුපියල් 1755000) වැය වූ මුදල රජයෙන් ගෙවීමට යයි.   ජේම්ස් රෝස් තුන්දරු පියෙකි. මුනුබුරු මිනිබිරියෝ සිවු දෙනෙක් ද සිටිති. කුඩා කාලයේ සිටම පැවැති ආශාවක් ඉටුකැර ගත හැකි වූ බව ඔහු පවසයි. ලිංග විපර්යාසයට ලක් වන ලොව වයස්ගත පුද්ගලයා ඔහු විය හැකියැයි එංගලන්ත මාධ්‍ය කියයි.