ඇගේ නමින් නැවක්...


කේ‍්‍රම්බි‍්‍රජ් හි ආදිපාදවරිය වන කේට් මිඞ්ල්ටන් වෙනුවෙන් ”රෝයල් ප‍්‍රින්සස්” නමින්  නැවක් භෞතිස්ම කිරීමේ උළෙල පසුගියදා සැම්ප්ටන්හි සාගර වේදිකාවක්  මතදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. මෙම නැව භෞතිස්ම කිරීම සිදුකෙරුණේ කේට් මිඞ්ල්ටන්ගේ ප‍්‍රධානත්වයෙනි.

රෝයල් ප‍්‍රින්සස් නෞකාව
නැව දියත් කළ මොහොතට එක්වූ කේට් කුමරිය

කේට් කුමරිය ජූලි මාසයේදී කුළුඳුල් දරු උපත බලාපොරොත්තුවෙන් සිටින්නීය. ඊට පෙර ඇය තනිව සහභාගි වන ප‍්‍රසිද්ධ උත්සවය එය බැව් රාජකීය ප‍්‍රකාශකයෙක් පැවසීය.

1984 දී කේට් ගේ නැන්දම්මා වූ ඩයනා කුමරිය විසින් රෝයල් ප‍්‍රින්සස් නමින් නැවක්  භෞතීස්ම කරන ලද්දේ ද එම ස්ථානයේදීම ය.

මේ අවස්ථාවේ කේට් කුමරිය හැඳ සිටියේ පවුම් 169 ක් වටිනා ඩැල්මේෂන් මෝස්තරයක් සහිත කබායකි. ඇය විසින් පවුම් 1250 ක් වටිනා ෂැම්පේන් බෝතලයක් සම්ප‍්‍රදායානුකූලව බිඳ දැමීමෙන් අනතුරුව නැව දියත් කරනු ලැබිණි. ඉන් අනතුරුව ඇය නැවේ කාර්ය මණ්ඩලය ද හමු වී ඔවුන් සමග සුහදව කතාබහ කළාය. එහි කපිතාන් ලෙස සේවය කළේ ටෝනි ඩ‍්‍රැපර් නමැත්තෙකි.

ඔහු සමග සුහදව කතා බස් කළ කේට් ආදිපාදවරිය දෙදහ වසරේ යෙදුණු මුහුදු සවාරියක මතකයද සිහිපත් කළාය.

රෝයල් පි‍්‍රන්සස් නෞකාව සිය මංගල ගමන ගියේ බාසිලෝනාවටය.

මම මීට කලින් සැම්ප්ටන් වරායට ගිහින් තිබුණත් මේ වගේ නැවකින් එහි ආ පළමු අවස්ථාවයි.

සෑම්ප්ටන්හිදී වරාය අධ්‍යක්‍ෂ මොරිසන් හමුවූ මොහොතේ දී කේට් ආදිපාදවරිය පැවසුවාය.

රෝයල් ප‍්‍රින්සස් නම් වූ මෙකී නෞකාව අඩි 1082 ක් දිග වන අතර මගීන් 3600 ට ගමන් කළ හැකියි. කී‍්‍රඩාගාර, කැසිනෝ කාමර, ස්පා ආදියෙන්ද සමන්විත මෙම නෞකාව තුළ අඩි 28 ක් දිග වීදුරු පතුලක්ද තිබේ. ඉන් මුහුදු පත්ල නැරඹීමට ලැබීම සංචාරකයකුට ලැබෙන අපූරුතම අවස්ථාවකි.

 

 

ශාන්ත කුමාර විතාන

 

නැවේ ඇතුළත...

 

නැවේ අවන්හල

 

නැවේ කාර්ය මණ්ඩලය හමුවී...


 

කපිතාන් සමග