(කාංචන කුමාර ආරියදාස)
කිසියම් චර්ම රෝගයක් වැළඳී ඇති බවට චෝදනා කරමින් මවත් පියාත් නොමැතිව ජීවත්වන එකම පවුලේ දියණියන් හයදෙනෙකු ප්‍රදේශයෙන් පාසලෙන් කොන් කර දමා ඇතැයි කියැවේ.
සමාජයෙන් සාධාරණය ඉටු කර දෙන්නැයි හඬා වැටෙමින් එම දියණියෝ හඬා වැටෙමින් ඉල්ලා සිටිති.
ගලේවෙල අලුත්ගම නිරන්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම දියණියන් හයදෙනා සමාජ අසාධාරණයකට ලක්වීම නිසා සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරමින් සිටියදී දඹුල්ල රෝහලේ වෛද්‍යවරයෙකු විසින් වළක්වා ගනු ලැබ ඇත.
පාසල් වියේ පසුවන දියණියන් තිදෙනෙකු මෙම පවුලේ සිටින අතර තිදෙනාම විද්‍යාලයෙන් ගුරුවරුන් විසින් ඉවත් කොට තිබෙන බව ඔවුහු හඬා වැටෙමින් කියති.
ළිඳකින් වතුර ටිකක් ලබාගැනීමට වෙළඳසැලකින් භාණ්ඩයක් මිලදී ගැනීමට ත්‍රිරෝද රථයකින් කුලී ගමනක් යෑමට හෝ කිසිදු සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි තත්ත්වයටම තමන් කොන් කර දමා තිබෙන මෙම දියණියන් හයදෙනා දැඩි මානසික පීඩනයකින් ජීවත් වන බවත් කියති.
මෙම දියණියන් හය දෙනා සහ එක් දියණියකගේ කුඩා දරුවෙකු සමඟ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ කුඩා කාමරයක තනිව ජීවත් වේ.
මෙම දියණියන් ගේ පියා මීට වසර කිහිපයකට ඉහතදී ළිඳකට වැටීමෙන් මියගොස් තිබේ .මව විදේශගත වී දරුවන් පෝෂණය කිරීමේ කටයුත්ත සිදුකරන බව දියණියෝ පවසන්නීය.
මෙම පවුලේ දෙවැනි දියණිය වන ශලනි පියතිස්ස මීට වසර කිහිපයකට ඉහත දී පවුල ජීවත් කිරීම සඳහා විදේශ රටක සේවය සඳහා ගොස් තිබෙන බවත් පසුව ඇය මීට මාස නවයකට ඉහත දී නැවත මෙරටට පැමිණ ඇත්තේ ඇයගේ සිරුරේ සමේ රෝගයක් ඇති වීම නිසාවෙන් බව කියයි .
එම රෝගයට ප්‍රතිකාර කරමින් සිටියදී ඔවුන්ගේ මවද දරුවන් ජීවත් කිරීම සඳහා ගෘහ සේවය සඳහා විදේශගතවී තිබේ.
පාසල් වියේ පසුවන එක දියණියකගේ වයස අවුරුදු 14 කි තවත් දියණියක් සිටින අතර අවුරුදු 8 ක දියණියක්ද සිටී.
මෙම තිදෙනාම ගලේවෙල අලුත්ගම නිරංගමුව වීද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියහ.එමෙන්ම මේ තිදෙනාම මේ වනවිට පාසලෙන් ඉවත්කොට ඉගැනීමක් නොමැතිව නිවසට වී සිටි .
24 හැවරදි දෙවැනි දියණිය සමේ ඇති වූ රෝගයට ප්‍රතිකාර ගැනීම නිසා ගම පුරා පැතිර ගොස් ඇත්තේ ඇයට කිසියම් භායානක රෝගයක් වැළදී ඇති බවත් සහෝදරියන් සියලු දෙනාටම එය බෝවී තිබෙන බවත්ය.
මාස කිහිපයක් මේ කටකතාව නිසා ඔවුන් දැඩි අසීරුතාවකට පත් වෙමින් සිටින බව මෙම පිරිස කියති.
වැඩිමහල් දීයණිය 27 හැවිරිදිය ඇය විවාහවී එක දරුවෙකුද සිටින්නීය. මෙම කටකතාව පැතිර යෑමත් සමග ඇයගේ සැමියාද දරුවාද දමා හැර ගිය බව ඇය හැඬූ කඳුළින් පැවසුවාය.
මේ වනවිට සමේ රෝගී තත්වය සඳහා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එය සාමාන්‍ය හොඳ කර ගැනීමේ හැකියාව පවතින සමේ රෝගයක් බවත් වෛද්‍යවරුන් පවසති.
එහෙත් සමාජයෙන් මෙම දියණියන්ට ලබාදී ඇති බරපතළ දඬුවම බවට පත්ව ඇත්තේ දියණියන් තිදෙනෙකු පාසලෙන් ඉවත් කිරීමය අධ්‍යාපනයක් නොමැති ව නිවසේ රැදවීමය එමෙන්ම ප්‍රදේශයේ වෙළඳසැලකින් භාණ්ඩයක් ලබා නොදීම ය ළිඳකින් වතුර ලබාගැනීමට නොදීමය කිසිදු අයකු ඔවුන් සමග කතා නොකර සිටීමය අඩුම තරමේ වාහනයක වත් මෙම පිරිස ගොඩවීමට ඉඩ නොදීම ය මෙම තත්ත්වය ඉවසා ගැනීමට නොහැකිව දෙවැනි දියණි දිවි හානිකර ගැනීමට උත්සාහ කළාය.
වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය මත ඇය ජීවත් වීමට වාසනාව උදා කරගෙන තිබිණි.දියණියන් හයදෙනා සහ කුඩා දරුවෙකු තවදුරටත් මෙම සමාජ අසාධාරණයට ලක්වීම නිසා කුඩා නිවස තුළ එකට මියැදීමට කතිකා කර ගත් බවද ඔවුන් හඬා වැටෙමින් කියති .
මෙතරම් දියුණු සමාජයක කටකතාවක් හේතුවෙන් මුළු පවුලක් අසරණව සිටීම පිළිබඳව සමාජයේ අවධානය යොමුකර සාධාරණය ඉෂ්ට කර දෙන්නැයි මෙම දියණියෝ හඬා වැටෙමින් ඉල්ලා සිටිති.