කල එළි බසිති


ගලහිටියාව මධ්‍ය විද්‍යාලයයේ නර්ථන ආචාර්යවරියක වන නිශාන්ති හෙට්ටිආරච්චි මහත්මිය යටතේ නර්ථනය ප්‍රගුණ කළ සිසුවියන්ගේ ශීර්ෂ පළඳනා සහ කළ එළි මංගල්‍යය ගනේමුල්ල මහින්දාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

හෙට්ටිආරච්චි මහත්මිය යටතේ නර්තනය හැදැරූ සිසුවියෝ 21 දෙනෙක් දේශීය නර්තන චාරිත්‍රානුකූලව සුබ නැකතින් ශීර්ෂ පළඳනා පැළඳූහ.

ඇය නිශා රංග කලායාතනයේ අධිපති ලෙස කටයුතු කරන අතර හෙට්ටිආරච්චි මහත්මිය යටතේ සිසුවියන් දහසකට අධික ප්‍රමාණයක් නර්ථනය හදාරා ඇත.

හත් වසරක් රාජ්‍ය නර්තන කණ්ඩායම නියෝජනය කර ඇති ඇය කැලණිය විශ්ව විද්‍යාලයයේ ලලිත කලා අංශයේ ශ්‍රාස්ත්‍රවේදී සහ ශ්‍රාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කර ඇත.

සෞන්ධර්ය විශ්ව විද්‍යාලයයෙන් ප්‍රාසාංගික කලාපති විභාගයේ අවසන් වසරේ සිටින හෙට්ටිආරච්චි මහත්මිය දර්ශනපති විභාගයට ද පෙනී සිටීමට නියමිතය.

ඉන්දියාව, චීනය, තායිලන්තය සහ බුරුමය ආදී රටවල්වල පැවති නර්තන තරඟාවලියන්ට සහභාගී වූ ඇගේ සිසුවියෝ ජයග්‍රහණ රැසක් හිමිකරගෙන සිටිති.

පසුගියදා තායිලන්තයේ පැවති ජාත්‍යන්තර නර්ථන තරඟාවලියෙන් රටවල් 48ක් අභිබවා හොඳම නිර්මාණ ශීලී නර්ථනයට හිමි සම්මානය දිනාගත්තේ ද හෙට්ටිආරච්චි මහත්මියගෙන් නැටුම් හදාරන ශිෂ්‍යාවකි.