අපරාධකරුවන් සීසීටීවී කැමරා අක‍්‍රීය කර අපරාධ සිදු කිරීමේ ප‍්‍රවණතාවක් ද අද දක්නට ඇත. එලෙස අක‍්‍රීය කිරීමට උත්සාහ කළත් එය ව්‍යර්ථවී සියලූ සිද්ධීන් කැමරාවේ සටහන් වූ අවස්ථාවක් මීට කලකට ඉහත වාර්තා විය.
එය නිට්ටඹුවේ සුපිරි වෙළෙඳසලකි. වෙලාව රාත‍්‍රී අටට පමණ වන්නට ඇත. වෙළෙඳ සලට පැමිණි පාරිභෝගිකයන් පස් හය දෙනෙක් ද එහි වූහ.
කිසිවකු නොසිතන මොහොතක හෙල්මට් පැළැඳගෙන මුහුණු ආවරණය කර ගත් හතර දෙනෙක් වෙළෙඳ සලට ඇතුළු වූහ. ඔවුන්ගේ අත ගිනි අවි විය.
එක් අයෙක් දොරටුව අසල සිටි අතර අනෙක් පිරිස අවි එල්ල කරගෙන වෙළෙඳසල තුළටම ආහ.
වෙළෙඳ සලේ සේවකයනට ගිනි අවි එල්ල කළ ඔවුහු සේවකයන් බිම දණ ගැස්වීය. එක් අයෙක් කෙළින්ම ගියේ මුදල් අයකැමි සිටින ස්ථානයටයි. එහි තිබූ ලක්ෂ පහ හයක් කොල්ල කෑවේය.
තව අයෙක් සිගරට් කාටූන කිහිපයක් ගත්තේය. වෙළෙඳසලට පැමිණ සිටි පාරිභෝගිකයන් කිහිප දෙනකුගේ රන්මාලද කඩා ගත් ඔවුහු වෙළෙඳසැලෙන් එළියට විත් යතුරු පැදි දෙකකට නැග ගත්හ.
නැගගෙන පවනට බඳු වේගයෙන් යන්නට වූහ.
කොල්ලකරුවන් යතුරුපැදිවලින් පළා යද්දී වෙළෙඳසලේ සිටි නිර්භීත තරුණයකු මෝටර් රථයකින් ඔවුන් ලූහුබැඳ ගොස් තම මෝටර් රථය යතුරු පැදිවල ගැටීමට සලස්වා කොල්ලකරුවන් ගමන් ගත් යතුරු පැදි දෙකම අනතුරට පත් කළේය.
එහි එක් යතුරු පැදියක් පළා ගිය අතර අනෙක් යතුරුපැදිය අනතුරට පත් විය.
තුවාල ලත් කොල්ලකරුවෝ මෝටර් රථයට වෙඩි තබා අසළ නිවසකට බලහත්කාරයෙන් ඇතුලූවී නිවැසියන්ට ගිනි අවි එල්ල කර ඔවුන් සතු වූ යතුරුපැදියක් ගෙන පළා ගියහ.
එම අවස්ථාවේ කොල්ලකරුවන් අතින් ගිලිහී ගිය ගිනි අවිය හා අතහැර දමා ගිය යතුරුපැදිය පොලිසිය භාරයට ගෙන ඒ ඔස්සේ පරීක්ෂණ දියත් කළේය.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඞී කොමසාරු මහතාගේ මෙහෙයවීමෙන් ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වයි. පී. අමරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ ඇරැඹූහ.
ඒ අනුව කළ පරීක්ෂණවලින් කොල්ලකරුවන් හතර දෙනාම අත්අඩංගුවට ගනු ලැබූහ. කොල්ලකරුවන් අතර ගුවන් භටයෙක් ද විය.
පරීක්ෂණවලින් අනාවරණය වූයේ සැකකරුවන් තවත් අපරාධ රැසකට සම්බන්ධ බවයි.
වෙළෙඳසලට පැමිණි විගස සීසීටීවී කැමරා කැඞීමට උත්සාහ කළත් ඔවුන් මුල සිට කළ සියල්ල සීසීටීවී කැමරා ඇසේ පැහැදිලිව සටහන් වී තිබිණි.