ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලොන්දේගේ සහකාරිය වැලරි ට්‍රේයිවෙයිලර් හදිසියේ රෝහල් ගත කැරිණි. රෝහල් ආරංචි මාර්ග අනුව ඇය සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට යොමු කර ඇති අතර ඇයට විවේක සුවය අවශ්‍යය බව වෛද්‍යවරු පවසති.
මේ අතර තුර පසුගිය ජනවාරි 10 වැනි සිකුරාදා ඉතාලියේ මොන්ඩාඩෝරී මාධ්‍ය සමාගමේ සතිපතා පළවන ක්ලෝසර් නම් සඟරාව ප්‍රංශ ජනාධිපති හා වයස අවුරුදු 42ක් වයැසැති වසර හතක දික්කසාද ඉතිහාසයක් ද ඇති දෙදරු මවක වන ප්‍රංශයේ ජනප්‍රිය සුරූපි නිළියක වන ප්‍රංශ ජාතික ජූලී ගායෙට් සමග අනියම් සබඳකමක් පවත්වන බව කියමින් විවිධ ඡායාරූප, ස්ථාන හා වේලාවන් සමග ආන්දෝලනාත්මක පිටු හතකින් සමන්විත හෙළි කිරීමක් ඉදිරිපත් කළේය. වර්තමාන ප්‍රංශ ජනාධිපති සහකාරිය රෝහල් ගත වීමට එය එක් මානසික හේතුවක් වීමට ඉඩ ඇති බව සමහර දේශපාලන විචාරකයන්ගේ මතය විය.
ඒ සමගම ඇය පසුගිය සතියේ පැරීසියේ සුප්‍රසිද්ධ පීට් සල්ෆෙට්රි රෝහලේ විවේක සුවයෙන් පසුවූ අතර ඇගේ සුවදුක් විමසමින් ජනාධිපති රෝහලට යවන ලද මල් කළඹක් හා චොක්ලට් පාර්සලයක් ඇය වෙත දුන් බව ප්‍රංශයේ සමහර ටැබ්ලොයිඩ් පුවත් පත් සදහන් කළේය. ඇගේ මානසික විවේකය සලකා ජනපති රෝහලට නො ආ යුතු බව ඇගේ වෛද්‍යවරුන්ගේ මතයවූ බවද ප්‍රංශ මාධ්‍ය කීවේය.
කෙසේ නමුදු ඇය 18 වෙනි සෙනසුරාදා රෝහලින් පිටවී පැරීසියට පිටතින් පිහිටි ජනාධිපති නිල නිවාඩු මන්දිරයකට ගියාය.
මේ පලහිලව්ව ප්‍රංශ මාධ්‍යයේ විවිධ කතා , වාද විවාද වලට හේතුවී සාමාන්‍ය ජනයා අතරටද පැමිණ ඇත්තේය. ජනවාරි 14 වැනි දා ප්‍රංශ ජනාධිපති විසින් සියලූම මාධ්‍යයන් කැඳවා මාධ්‍ය සාකච්ඡාවක් කළේය. ඉහත ප්‍රේම ජවනිකාව සම්බන්ධව ප්‍රහාරාත්මක ප්‍රශ්න ඔහුට යොමු නොවුනත් ඉදිරිපත් කළ ඒ හා සමාන මාධ්‍ය ප්‍රශ්න වලදී ජනාධිපති කීවේ තමා ජනාධිපති වුවද, ඔබ මෙන් සාමාන්‍ය මිනිසකු බවයි. කෙනෙකුගේ පෞද්ගලික ජීවිතයට තව කෙනෙකු ඇඟිලි නොගැසිය යුතු බව පැවැසීය. ජුලී ගයෙට් ප්‍රංශ නිළිය එම හෙළිකිරීම ප්‍රධාන කොට එම සඟරාවට එරෙහිව නීති මගින් පියවර ගන්නා බවත් ඇගේ පුද්ගලික ජීවිතයට වූ අපකීර්තිය වෙනුවෙන් රුපියල් ලක්ෂ හැත්තෑ පහක වන්දියක් හා නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ෂ හයක් ඉල්ලා නඩුවක් ගොනු කරන බවත් කියා ඇත.
ජූලී ගයෙට් නිසා ප්‍රංශ පරිපාලනයේ විශේෂ සිදුවීමක් විය. චිත්‍ර ශිල්පය, මුර්ති ශිල්ප විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය හා සංගීතය පිළිබඳ සුප්‍රසිද්ධ ප්‍රංශ ඇකඩමියේ 2014 වර්ෂය සදහා පත්වීම් ලැබූ විශේෂ ජූරියේ සිව්දෙනා අතරට ජූලී ගයේට් පත්කරනු ලැබ සිටියාය. මෙම ඇකඩමියට පත් කරන ජූරිය බොහෝ විට එම ශිල්පයන්හී සුවිශේෂි පුද්ගලයන් ගෙන් සමන්විතවේ.
ඊට සමගාමිව 2014 වර්ෂය සදහා ජූලී ගයේට් ට අමතරව ප්ලාස්ටික් මුර්ති ශිල්පයේ විශාරදයෙක්ද , ඔපෙරා නැටුම් විශාරද වරියක් හා ප්‍රංශයේ ගෞරවŒය සම්මාන හිමි ලේඛිකාවක් යනුවෙන් සිව්දෙනෙක් එම ආයතනයට පත් කරනු ලැබ සිටියහ.
16 වැනි සියවසේ ප්‍රංශයේ රාජ්‍ය පාලකයාවූ 14 වැනි ලූවී රජුගේ පාලන සමය ගෙවී ගිය 1666 දී ප්‍රංශයේ මුදල් ඇමති ධූරය දැරූ ජෝන් බැටිස්ට් කොල්බාර්ට් යටතේ මුලින්ම පාලනය ඇරඹූ ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍යාංශය යටතේ පරිපාලනය වන විලා මේඩ්සි නමින් එම ආයතනය හැඳින්වේ. 2013 දෙසැම්බර් මස එම පත්වීම් සිදු විය. එනමුදු ඔවුන්ගේ පත්වීම් ක්‍රියාත්මක වන්නේ පෙබරවාරී මුල් සතියේය. මෙවැනි පරිසරයක ජනවාරි 10 වැනි දා ප්‍රංශ නිළිය හා ප්‍රංශ ජනාධිපති අතර ප්‍රේම කතාව කරලියට පැමිණියේය.
එහිදි ප්‍රංශ මාධ්‍ය හරහා හමාගිය ප්‍රේම සුළි සුළඟ හේතුවෙන් ඇගේ පත්වීමද මාධ්‍ය ප්‍රශ්නයට ලක්විය. ප්‍රංශ පාර්ලිමේන්තු සභා ගර්භයේදි විපක්ෂයේ ප්‍රශ්න කිරීමටද ලක්වූයේය. මේ හේතුකොට ඇගේ පත්වීම අවලංගු කිරීමට ප්‍රංශයේ සංස්කෘතික ඇමැතිනිය වූ ඔරෙලි පිලිෆේටිට සිදුවුයේය. උසස් විද්‍යා පීඨ ජූරියේ පත්වීමට ඇය ඉතාමත්ම සුදුසු නමුදු වර්තමානයේ ඇතිවී ඇති ඇගේ ප්‍රේමය මුල් කර ගත් ව්‍යාකූල දේශපාලන පරිසරය යටතේ ඇයට එම තනතුර දීම සදාචාරාත්මක නොවන බවත් ඒ සදහා තමා කනගාටු වන බවත් ප්‍රංශ සංස්කෘතික ඇමතිනිය ප්‍රකාශ කළාය. කනගාටුවෙන් වුවද එම තීරණය අනුමත කරන බව එම ජූරියේ සභාපති එරික් චැසිද මාධ්‍යයට ප්‍රකාශයක් කළේය. අවසානයේ ජනපති ප්‍රේමය හේතු කොට ඇයට එම සුවිශේෂි ගෞරවŒය තනතුර අත්හැර දැමීමට සිදුවුයේය. ඒ අතරට ඇය ගැබිනියක්වී ඇතැයි තහවුරු නොකළ මාධ්‍ය කට කතාද නැතුවා නොවේ.
මෙම සියලූදේ හේතු කොට ඉහත සඟරාවේ හෙළි කිරීම සත්‍යයක්ද ? අසත්‍යයක්ද ? යන්න ප්‍රංශ මාධ්‍ය ලෝකයේ ප්‍රශ්න කිරීමට ලක්ව ඇත්තේය. එසේ නමුදු සාමාන්‍ය ප්‍රංශ ජනතාව අතර ඒ සම්බන්ධව එතරම් උනන්දුවක් දක්නට නොමැත. එයට හේතුව ප්‍රංශය යනු ආදරයේ උල්පත් හිමිකර ගත් රටක් බැවිනි.එසේ වුවද ජනතාවගේ බදු වලින් යැපෙන ජනාධිපති වගකීමකින් , තොරව ක්‍රියා කිරීම සාමාන්‍ය ප්‍රංශ ජනයා අනුමත නොකරන බව ප්‍රංශයේ සමහර ආයතන පෙන්වා දෙයි.
කෙසේ නමුදු ඉහත සඟරාව හෙළිකළ කරුණු අනුව වර්තමාන ප්‍රංශ ජනාධිපති රාත්‍රී කාලයේ හා ආරක්ෂකයකු සමග ස්කූටරයක නැඟී ඉහත ස්ථාන කරා ගිය ඡායාරූප පළකරමින් එම ප්‍රේම කතාව සවිස්තරව ඉදිරිපත් කර ඇත්තේය. මෙම සිදුවීම් ජනාධිපතිවරණයට පෙරද? පසුද? යන්න හරි හැටි පැහැදිලි කර නැති අතර ඔවුන්ගේ ප්‍රේම කතාව ආරම්භවී වසර දෙකක් පමණවී ඇතැයි එම සඟරාව කළ හෙළිකිරීමේ සදහන් වේ.
ප්‍රංශ ජනාධිපතිට එම තනතුර හිමි වීමට ප්‍රථම බොහෝ විට ගමන් බිමන් යෑමට යොදා ගත්තේ ස්කූටරයයි. ඔහු ස්කූටරයෙන් ගමන් යෑමට ප්‍රිය කරන්නෙකි. මේ දක්වා ඔහු අවිවාහකයෙකි. නමුත් සිව්දරු පියෙකි. මින් පෙර 2007 දී සමාජවාදි පක්ෂයෙන් ජනාධිපති තරගයට තරග කළ සෙගොලොන් රෝයල් ඔහුගේ ප්‍රථම සහකාරිය විය. ඇගෙන් වෙන්වූ ඔහු දැනට ජනප්‍රිය පැරී මැච් ප්‍රංශ සඟරාවේ මාධ්‍යවේදිනියක්වු වැලරි ට්‍රේයිවෙයිලර් සමග ජීවිත් වෙයි.
මේ දිනවල ප්‍රංශයේ මුද්‍රිත හා විද්යුත් සියලූම මාධ්‍යයන් හී ප්‍රධාන මාතෘකාව බවට ඉහත ප්‍රේම කතාව පත්වී ඇත්තේය.
ජූලී ගයෙට් පදිංචි ජනාධිපති මන්දිරයට මීටර් 200ක් පමන දුරකින් පිහිටි පැරිස් කලාප අංක 08හී සර්ක් නම් පාරේ අංක 20හී ඇගේ නිවස පිහිටි පරිශ්‍රය මේ දිනවල පැපරාසියන්ගේ පරාදීසයක් බවට පත්වී ඇත්තේය.