තාජුඞීන්ගේ පෙම්වතිය ඔබද?


 

15_PAGE_8_M

 

හිටපු රගර් ක‍්‍රීඩිකයකු වූ තාජුඞීන්ගේ මරණයේ පරීක්ෂණ යළි පැවැත් වූ මොහොතක සමාජ වෙබ් අඩවි ඇතුළු අන්තර්ජාලයේ අදහස් හුවමාරු විම් අතර වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වූයේ යසාරා අබේනායක වන ඇයයි. ඇය එකළ තාජුඞීන්ගේ පෙම්වතිය වි සිටියාද? තාජුඞීන් ඇයගේ මිතුරකු වී ද යසාරා අබේනායක ප‍්‍රථම වතාවට ජාතික පුවත්පතකට ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ අවස්ථාවකි මේ.

 

5

button ඔබ කවුද?
මම යසාරා අබේනායක

 

 


button කාගේ කවුරුන්ද?
මගේ මව තනූජා වෛද්‍යවරියක්. පියා සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ආනන්ද අබේනායක.

 


button ඔබ මොනවද කරන්නෙ?
වයෝවෘද්ධ (වැඩිහිටි) පිරිස් රැක බලා ගැනීමේ කටයුතුවලට සම්බන්ධව දායකත්වය ලබා දෙනවා.

 


button හිටපු රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණ පරීක්ෂණ යළි පැවැත් වූ මොහොතක ඔබ ඔහුගේ පෙම්වතිය වී සිටි බවට අන්තර්ජාලයේ විවිධ කතා පැතිර යනවා. ඒවායේ ඇත්ත මොකක්ද?
ඇත්තටම මම කවදාවත් ඔය කියන වසීම් තාජුඞීන් කියන පුද්ගලයාව හමුවෙලා නැහැ. අඩු තරමින් ෆෝන් එකකින් කතා කරලාවත් නැහැ.  ඕක ඇත්තටම 2012 දී විතර වෙබ් සයිට් එකකින් පතුරවපු දෙයක්. පසුව එය ඊමේල් (විද්්‍යුත් තැපෑල් මාර්ගයෙන්) රටටම වගේ ප‍්‍රචාරය වුණා. දැන් ආයෙමත් ඔය කතාව එළියට ආවේ පසුගිය ජනවාරි 8 වැනිදා පැවැත් වූ ඡන්දයෙන් පසුවයි.

 


button 2012 දී ඇයි ඒ විදියට කතාවක් පැතිරෙන්න ඇත්තේ?
ඔය කියන තාජුඞීන් මැරිලා තියෙන්නේ ඒ අවුරුද්දෙයි. ඊට මාසයකට විතර පස්සෙ තමයි මගේ නම සම්බන්ධ කරගෙන අන්තර්ජාලයේ මේ විදියට කතා පැතිරුණේ.

 


button ඒ විදියට කතා පැතිරයාම කුමක් නිසා වෙන්න ඇති කියලද ඔබ හිතන්නේ?
ඒක තමයි මට තියෙන ප‍්‍රශ්නය, මම දැකලාවත් නැති කෙනෙක් සම්බන්ධ කරගෙන ඇයි මේ විදියට පුවත් ප‍්‍රචාරය වුණේ කියලා. ඉස්සෙල්ලා කියැවුණේ අනතුරක් කියලා. පසුව මෙය අනතුරක් නොවෙන්න පුළුවන් කියලා පුවත් පළ වුණා. එක එක විදියට පුවත් පළ කෙරෙන අතරේ මම දන්නෙවත් නැති කෙනෙක්ට මගේ නම ගාවලා.

 


button 2012 සිට මේ විදියට ඔබගෙ නම සම්බන්ධ කරගෙන පුවත් ප‍්‍රචාරය වෙද්දී ඇයි ඔබ ඊට එරෙහිව නීතිමය ක‍්‍රියා මාර්ගයක් නොගන්නේ?
එදා ඔය කතාව කරළියට ආවම ඒ ගැන මාධ්‍යයට කියන්න මට අවශ්‍ය වුණා. නමුත් බොහෝ දෙනාගෙන් ඇහුවාම ඒ හැමෝම වගේ කිව්වෙ. ඔය ” ඕපදූප” අඩවිවල පළ කෙරෙන පදනමක් නැති  ඕපාදූප ගණන් ගන්න එපා කියලයි. ඇත්තටම මිනිසුන්ගේ ආත්මයට මඩ ගහන  ඕපාදූප අඩවි පස්සෙ යන්න මට  ඕන වුණේ නැහැ. කොහොම වුණත් පසුව ඔය කතාව නතර වුණා. ආයෙත් පසුගිය මැතිවරණයෙන් පසුව කරළියට ආවා.

 


button ඇත්තටම ඇයි මේ කතාවලට ඔබගෙ නම සම්බන්ධ කර ගන්න ඇත්තෙ?
මට අදටත් තේරුම් ගන්න බැරි දේ එයයි. කවදාවත් කතා කරලවත් නැති කෙනෙක්ව ඇයි මට සම්බන්ධ කළේ කියන එක.

 


button කෙසේ වෙතත් මේ මරණය සම්බන්ධයෙන් මෙලෙස පුවත් ප‍්‍රචාරය වෙද්දී මොනයම් විදියකට හෝ ඔබගෙන් ප‍්‍රශ්න කිරීමක් සිදු කර තිබෙනවාද?
මගෙන් ප‍්‍රශ්න කරන්න හේතුවක් නැහැනේ. අඩු තරමින් ඔය කියන තාජුඞීන්ට මම කෝල් කළා නම්, ඒවා සොයාගන්න පුළුවනිනෙ. ඒ මොනවත් නැතුව, හිස් විදියට ප‍්‍රචාරය වෙච්ච කතා මේවා.

 


button ඇයි දැන් ඔබ ඊට එරෙහිව ක‍්‍රියාත්මක නොවන්නේ?
ඇත්තටම ලංකාවේ පිළිගත් කිසිම මාධ්‍යයකින් මේ සම්බන්ධව මගේ නමට කැළලක් වන විදියට පුවත් ප‍්‍රචාරය කරලා නැහැනේ. හිස්  ඕපාදූප වෙබ් අඩවිවල පළවෙන ඒවා පස්සෙ යන්නවත්, මම නොදන්න කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින්නවත් මට අවශ්‍ය වුණේ නැහැ. පිටරටවල සිට පවත්වාගෙන යන වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය කළ මේ දේවල් ඇත්තටම කෙනෙකුගේ ආත්මය විනාශ කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක කළ ඒවායි.

 


button මේ නිසා අද ඔබ මුහුණ දි සිටින්නේ මොන වගේ තත්ත්වයකටද?
ඇත්තටම කිව්වොත් අද මම කොහේ හරි ගියාම එක් එක්නෙකා එක එක දේ කියනවා. මගේ පවුලේ අයත් මේ නිසා අපහසුතාවට පත් වෙලා. මේක කොච්චර අසාධාරණ ද බලන්න පදනමක් නැති කතා නිසා මිනිස්සු කොච්චර පීඩාවට පත් වෙනවාද?

 


button මේ පුවත් ගැන මොනයම් විදියකින් හෝ විශ්වාස කරන මිනිස්සුන්ට මොනවද ඔබට කියන්න තිබෙන්නේ?
අන්තර්ජාලයේ පළ කෙරෙන සෑම දෙයක්ම වැළඳගන්න එපා කියන ගෞරවනීය ආයාචනය කරන්න කැමතියි. ඇස් දෙකට නොදැක කිසිම දෙයක් ගැන තීරණය කරන්න එපා. මේ වාර්තා එළියට ආවාම මිනිස්සු සත්‍ය තේරුම් ගනීවි.

 sandun-01