බස්නාහිර හා දකුණු පළාත් සභා දෙක විසුරුවා අවසන්ය. ඒ නිසාවෙන්ම මේ පළාත් සභා දෙක සඳහා මැතිවරණයක් ළඟදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ ඒ පක්ෂ විසින් මේ දිනවල මෙම පළාත් සභා සඳහා තරග කිරීමට අපේක්ෂකයන් තෝරාගැනීම ලහි ලහියේ සිදුකෙරේ. සම්මුඛ පරීක්ෂණ මේ දිනවල තම තමන්ගේ පක්ෂ මූලස්ථානවල පැවැත්වේ. මෙවර පළාත් සභා දෙක සඳහා මැති ඇමැතිවරුන්ගේ දු පුතුන් වගේම ජනප‍්‍රිය සිනමා තාරකාවන්, ගායිකාවන් හා රූ රැජිනියන් අපේක්ෂකත්වය ඉල්ලා සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වෙති. බොහෝදෙනාගේ අවධානය යොමුවී තිබෙන්නේ මේ තාරකාවන් දෙසය. ඒ නිසාවෙන්ම ඔවුන් මෙවර ඡන්දය සඳහා ඉදිරිපත් වෙන්නේ ඇයිද? යන්න දැන ගැනීමට අපි ඔවුන් හමුවීමු.
|
|
|
මම ප‍්‍රසංග වේදිකාවේ සිටින ගායිකාවක්. එතැනත් තිබෙනවා වෙනසක්. මම අවුරුදු 12ක් ප‍්‍රසංග වේදිකාවේ ගී ගයනවා. මම මිනිසුන් එක්ක හරිම සමීපව ගැවසෙන කෙනෙක්. සරල භාෂාවෙන් මා කතා කරන්නේ. මම ප‍්‍රසංග වේදිකාවට නැගලා යමක් කරලා තමයි එතනින් යන්නේ. මම ඒ පිරිසට දැනෙන්න යමක් කරලයි යන්නේ. මම පළමු ෂෝ එක කළ විදිහටමයි, 4 වැනි ෂෝ එක කරන්නෙත්. ඒක මම ජනතාවට දැනෙන්න ඉඩ තියන්නේ නෑ. මේ මගේ 4 වැනි ෂෝ එක කියලා. පළමු ෂෝ එකේ ජවයෙන්මයි මා කරන්නේ. මට තමයි ලොකුම අභියෝගය තිබෙන්නේ. නළු නිළියන් කැමරාව ඉදිරිපිට ඉන්න අය. මම ඡුන්දෙ ඉල්ලලා දිනුවත් ආපහු යන්නේ ප‍්‍රසංග වේදිකාවට. මාව මිනිස්සු නිතරම දකිනවා. නළු නිළියන් පස්සේ යන්නේ කැමරාවක් ඉදිරියටයි. ලොකුම අභියෝගය මටයි. මම සයුරක් වගේ ජනතාවට මා සමග ඕනෑම වෙලාවකට ඇවිත් කතා කරන්න පුළුවන්. බස්නාහිර පළාතේ ප‍්‍රසංගවලට මම ඕනෑතරම් යනවා. මට බොරු කරන්න බැහැ. ඒක මට ලොකු අභියෝගයක්. නමුත් මට පුළුවන් හින්දා තමයි මම මේක භාරගත්තේ. මම බය නෑ. මම මිනිස්සු සතුටු කරනවා. ඇයි ඒක නැති කරගන්නේ?
|
|