නව සත්ත්ව විශේෂ අටක් ලංකාවෙන් By None // 2011 ජුලි 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශී‍්‍ර ලංකාවෙන් හමුවූ කුඩාම පඳුරු මැඩියා ඇතුළු මෙරටට ආවේණික නව සත්ත්ව විශේෂ අටක් සොයාගත් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. පාරිසරික කටයුතු හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ ආධාර ඇතිව ගාල්ල දිස්ති‍්‍රක්කයේ සිදුකරනු ලැබූ ජෛව විවිධත්ව අධ්‍යයනයකදී මෙම නව සත්ත්ව විශේෂ සොයාගෙන තිබේ. සොයාගත් නව සතුන් අතර මිරිදිය මසුන් විශේෂ තුනක් හා පඳුරු මැඩියන් විශේෂ පහක් වෙති. එම මසුන් විශේෂ තුන අතරින් විශේෂ දෙකක් දෙවාරියෝ (Devario)නැමැති ඝනයට අයත් වේ. එම මසුන් දෙදෙනාගෙන් එක් විශේෂයක් සිංහරාජයේ දකුණු ප‍්‍රදේශයෙන් හා අනෙක් විශේෂය හියාරේ ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබේ. අනෙක් මත්ස්‍ය විශේෂය ලෙපිඩොසෙෆලික්තියස් (Lepidocephalichthys) ඝනයට අයත්වන අතර එම මත්ස්‍යයා කොට්ටව වනාන්තරයෙන් හමුවී ඇත. සොයාගත් පඳුරු මැඩියන් විශේෂ පහම පිලෝටස් (Philautus) ඝනයට අයත් වේ. ඒ අතරින් මෙතෙක් ශී‍්‍ර ලංකාවෙන් හමුවූ කුඩාම මැඩියා ලෙස වාර්තා වී ඇති නවතම මැඩි විශේෂය හමුවී ඇත්තේ හියාරේ ඇතුළු කොට්ටව කෝඹල වනාන්තරයෙනි. එම මැඩි විශේෂයේ හොඳින් වැඩුණු සත්ත්වයකුගේ විශාලත්වය මිලි මීටර 14 ක් වැනි ඉතා කුඩා ප‍්‍රමාණයකි. අනෙක් පඳුරු මැඩි විශේෂ හතර හමුවී අතැතේ කන්නෙළිය රක්ෂිත වනාන්තරය, හියාරේ වනාන්තරය, කොට්ටව වනාන්තරය හා කොට්ටව කෝඹල වනාන්තරයෙනි. ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා මෙසේ කියා සිටියේය. ගාල්ල දිස්ති‍්‍රක්කය කියන්නේ ජෛව විවිධත්වය අතින් ඉතාමත්ම පොහොසත් දිස්ති‍්‍රක්කයක්. සිංහරාජය, කන්නෙළිය ඇතළු වානන්තර වගේම තැන තැන ඉතිරිව පවතින කුඩා තෙත් සදා හරිත වනාන්තර ප‍්‍රදේශ ගණනාවක් මේ දිස්ති‍්‍රක්කය තුළ පවතිනවා. පාරිසරික කටයුතු හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අනුග‍්‍රහයෙන් අපි මෙම දිස්ති‍්‍රක්කයේ ජෛව විවිධත්ව අධ්‍යයනයක් සිදු කළා. ඒ අධ්‍යයනයේදී තමයි අපිට මේ නව සත්ත්ව විශේෂ අට සොයා ගැනීමට හැකියාව ලැබුණේ. දැනට මේ සතුන් මෙතෙක් ලෝකයේ හඳුනානොගත් සත්ත්ව විශේෂ අටක් බව අපි පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා. ඉදිරියේදී ජාත්‍යන්තර පර්යේෂණ පති‍්‍රකා මගින් මේ නව සත්ත්ව විශේෂ විද්‍යාත්මකව නම් කර ලෝකයට හඳුන්වාදීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. Facebook Twitter Google+ Recommended Articles එෆ්.බී.අයි. සොයාගත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද? දළදා මාලිගාවේ කාර්යමණ්ඩලය දළදා මැදුරේ වතගොත දළදා දැක්මට පෙර ට්‍රම්ප් ට TIK TOK ප්‍රහාරයක් පුංචි ජන්දයෙන් ඔබේ නියෝජකයා තෝරන හැටි