පරණ බෝම්බයක් පුහු කරන්න 65000ක් ඉවත් කෙරෙති


දෙවැනි ලෝක යුද සමයට අයත් දැවැන්ත බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීම සඳහා ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් ප්‍රදේශයේ 65000ක පමණ පිරිසක් දිනක කාලයක් සඳහා නිවෙස් වලින් ඉවත් කර ඇති බව වාර්තා වේ. 
 
බ්‍රිතාන්‍යයට අයත් මෙම බෝම්බය ටොන් 1.4ක් බරින් යුතු වන අතර පසුගිය බදාදා ගොඩනැගිල්ලක් ඉදිකරන භූමියේ තිබී සොයා ගෙන ඇත. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මන් ඉතිහාසයේ බෝම්බ නිශ්ක්‍රීය ක්‍රියාදාමයක් සඳහා සිදුකරන ලද විශාලම ඉවත්කිරීම බව පොලිසිය පවසයි. බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා පැය 12ක් පමණ ගතවනු ඇතැයි ගනනය කර ඇත.
 
රෝහල්, සාත්තු නිවාස සහ බැංකු ඇතුළු තවත් බොහෝ ප්‍රසිද්ධ ස්ථාන  මෙම ප්‍රදේශයේ පිහිටා ඇති අතර පොලිසිය පවසන්නේ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන සියලු දෙනාම ඉවත් වී ඇත්දැයි නිවසින් නිවසට පරීක්ෂා කල බවයි. 
 
යුද සමයට අයත් මෙවැනි බෝම්බ සිය දහස් ගනනක් ජර්මනිය පුරා විසිරී ඇති බවට විශ්වාස කෙරේ. 
 
(බීබීසී පුවත් ඇසුරිණි - 085)