පැරිසිය මළවුන් සිහි කරයි


එක දිගට ඇද හැළුණු සිරිපොද වැස්සත් එකිනෙකා නොපෙනෙ පරිසරය වෙලාගත් හිමදුම් වැටියත් නොවැම්බර් පළමු වැනි දා අලූයම අවදිවීමට අලස වුවද ¦ දිනයේ ඇති වටිනාකම හඳූනන මැදිවියේ මිනිසුන්ගෙන් පැරීසියේ මං මාවත් පිරී ඉතිරී ගියේය. මලගිය ඇත්තෝ සිහිපත් කිරීම එදිනට යෙදී තිබූ විශේෂ දිනය වුයේය.

  මිහිදන් වූ ඔවුන් සිහි කිරීම එදින විශේෂයයි . එදා වැසි දිනයකි. උදේ සිට ඇද හැළුණු සිරිපොද මිහිකත තෙත් කළේය. එයින් පණ ලැබූ මිහිදන් වුවෝ ආශිර්වාද අතැතිව සක්මනේ යෙදෙන තම ×ාතියාගේ ආශිර්වාද ලබා ගනිමින් මිහිකත තුළ සැතපුණාහ.

එදින පැරීසියේ සුසානභූමි විවිධ වර්ණ මල් වලින් සුවඳවත් විය.  මුළු සුසාන භූමියම මල්යායකි. මල්වැටි අතරින් අහසට එක්වුණු ස්මාරක අතරින් ආශිර්වාද ඇතැති ඥාතියෝ සක්මනට එකතුවී මුළු  සුසානයම කළ ගුණ දක්වන්නවුන්ගෙන් පිරී ගියේය.

 තම ඥාතියාගේ සොහොන් කොත් ඉදිරියේ මල් බඳුන් තබමින් ආශිර්වාද කරන මැදිවියේ පිරිස් මෙහොතක් නිහඬව තම ආචාරය පුදකරති.

සුසාන භූමියක් නොවු එවැනි  බිමක් පැරීසියේ ජීවත් වෙමින් මෙලොවෙන් සමුගත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ද පිළියෙළ කොට තිබුණේය.

පැරීසියේ ශ්‍රී ලාංකික ක්‍රිස්තියානි එකමුතුවට අනුබද්ධ පැරීසියේ උස්කා ක්‍රිකට් ක්‍රිඩා සමාජයේ මෙහෙයවීමෙන් ශාකි ජයවර්ධන මහතා සංවිධානය කළ එම පිංකමේ මියගිය ලාංකිකයන් 80 කගේ පමන ඡායාරූප ප්‍රදර්ශනයට තබා බෞද්ධ හා කතෝලික ආගමික වත් පිළිවෙත් සිදුකොට ඔවුන් සදහා පිං අනුමෝදන් කැරිණි. පැරීසියේ සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමි මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථීකාචාර්ය උඩුගම සුදස්සි හිමි, වැල්ලව පුදනාපිටිය රජමහ විහාරයේ විහාරාධිපති කුරුනෑගල චන්ද්‍රවංශ හිමි යන හිමිවරු, සමග කතෝලික සභාව මෙහෙයවන මහනුවර දොන් බොස්කෝ කාර්මික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂක සුනිල් පෙරේරා පියතුමා අදාල ආගමික කටයුතු සිදුකළේය.

ප්‍රංශයේ ශ්‍රී ලංකා සංස්කෘතික සංවිධානයේ හිටපු සභාපති, පැරීසියේ ‘ග්‍රාමසේවක‘ ලෙස හුරතල් නමින් අමතන පුෂ්පසිරි ද අල්විස් ,  ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයේ නිර්මාතෘ හා හිටපු සභාපති රන්ජන් බණ්ඩාර ,  ප්‍රංශ ලංකා සුභසාධන සංවිධානයේ සභාපති සනත් මුතුනමගොන්නගේ , එහි උප සභාපති හේවින්ද විජේරත්න  එක්සත් ජාතික පක්ෂයේ යුරෝපා සංවිධානයට අනුබද්ධිත ප්‍රංශයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සභාපති රොහාන් දයාදර , එහි විධායක කමිටු සමාඡික සමන් මහදුරගේ මහතා ප්‍රංශයේ › ලංකා අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ හිටපු සභාපති ලෙස්ලි පෝල් , ප්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානයේ හිටපු භාණ්ඩාගාරික ජයන්ති පීරිස්, ,පැරීසියේ කලාකරු චිත්‍ර ශිල්පී රංජිත් විමලනාත මහත්වරු ද එහි වූහ.

තම සොහොයුරා නැවතත් නොඑන අවසාන ගමනට නිදියහන් ගතව සිටි මොහොතක සොම විඳදරා ගනිමින් මෙම පිංකමට දැඩි කැපවීමකින් කටයුතු කල රංඡිත්, ශාකි ජයවර්ධන සොහොයුරෝ ද, ඔවුන්ගේ බිරින්දැවරුන් ආහ.

දැල්වෙන පහන් වැටි අද්දර මෙලොව සමුගත් මිතුරන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය අතීතයේ මිතුරන් සිහි ගන්වා මොහොතකට  සිත සන්සුන් කොට මනස අවදි කළේය. පුදපූජා, දන්සැල හා පැරීසියේ යාචකයන්ට දන් දීමෙන් අනතුරුව ලාංකික පිංකම අවසන් වුයේය.