පෙරහර රැසකදීම කරඬුව වැඩමවූ මිල්ලන්ගොඩ ජයන්ති මියයයි


 

 

(සමන් විජය බණ්ඩාර)

ශ්‍රී දළදා මාලිගාවේ දළදා කරඩුවද කිහිප අවස්ථාවක් වැඩමවු කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඇතා මිය ගිය බව හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මහතා පැවසිය. මිය යන විට වයස අවුරුදු 68 ක් පමණ වන මෙම හස්තියා. වයස අවුරුදු හතරේදි දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප්‍රසිද්ධ වෙන්දෙසියකදි රුපියල් 5500 ක වටිනාකමකට වෙන්දේසි විය. එම අවස්ථාවේ දැනට 95 වන වියේ පසු වෙන එස්.ආර්.එස් මිල්ලංගොඩ මහතා ( මිල්ලන්ගොඩ ලොකු මහත්තයා ) විසින් එකල මිලදි ගන්නා ලදි.

මෙම ඇතා ජයන්ති නම් වන අතර පොඩි රාජා ලෙසින්ද හදුන්වයි.  1956 බුද්ධ ජයන්ති වසරේ මෙම ඇතා මිලදි ගෙන තිබු නිසා ඇතාට ජයන්ති නම යොදා ඇත. ඇතා මිය යන විට අඩි 9 කට ආසන්න උසකින් යුක්ත විය.

 

දිවයින පුරා වෙහෙර විහාරස්ථාන රැසකටම පෙරහැර අවස්ථාවන් වලට සහභාගි වි ඇති මෙම හස්තියා 2016 වසරේද කිහිප වතාවක් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක කරඩුව වැඩමා ඇති අතර 2017 වසරේ ප්‍රථම රන්දෝලි පෙරහරේ සධාතුක කරඩුව වැඩමා ඇති බව හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මහතා පවසයි.

“අපේ තාත්තා මෙම ඇතා වෙන්දෙසියෙන් අරන් තියෙන්නේ අලියෙක් කියලා නමුත් සතා ක්‍රමයෙන් ලොකු මහත් වෙද්දි ඇතෙක් බවට පත් වුනා එක අපේ පවුලේ වාසනාවක් ” යැයිද මිල්ලන්ගොඩ මහතා පවසයි.

අලි ඇතුන් පිළිබඳව කථා කරපුවාම මුළු ලෝකයම දැන ගත්ත අසියාවේ දිගම දළ ඇති හස්තියා අපේ මිය ගිය රාජා. අපේ පරම්පරාවෙන් අලි ඇතුන් අපි එදා ඉඳන් ඇති දැඩි කලා. අපේ තාත්තාගේ තාත්තා නැත්නම් සීයාගෙන් තමයි මා දන්නා තරමින් අපිට අලි ඇතුන් සම්බන්ධ වෙන්නේ. සීයාගෙන් අලි ඇතුන් පරම්පරාවට ලැබුණාට තාත්තාගේ කාලයේ මෙ අලි ඇතුන් විශාල වශයෙන් අපිට ලබා ගැනිමට හැකියාව ලැබුණා. එකට මූලිකම හේතුව මාගේ පියා මෙ අලි ශාස්ත්‍ර, නිළ ශාස්ත්‍ර පිළිබඳ පිළිබඳ කරපු අධ්‍යනය නිසා ඒ මගින් ලබා ගත්ත දැනුම හේතුවෙන් අපේ පරම්පරාවට අලි ඇතුන් වැඩි වුනේ.

 

අපිට හිටපු අසියාවේ දිගම දළ තියෙන ඈතා වන මිල්ලන්ගොඩ රාජා තාත්තා ගෙනත් තියෙන්නේ පුංචිම කාලයේ එතකොට ඈතා කිරි බොනවා. මමත් එතකොට පොඩියි මාගේ තේරෙන වයසේදි ඈතාත් සාමන්‍යයෙන් අවුරුදු 8 ක 10 ක විතර කාලයේ කෙනෙක් ඒ කාලයේ සිටම ඈතාට හොඳ මතකයක් තිබුණා හොඳ බැදියාවකින් මිය යන තුරුම ඈතාටත් මා කෙරෙහි ද තිබුණා.

විශේෂයෙන් මෙ මිය ගියා රාජා පෙරහැරක ගමන් කරන විලාසය මා නම් තාම කිසිම ඇතෙකුගෙන් දකින්නේ නැහැ. ඈතා කරඩුව වැඩම කරගෙන යද්දි දෙපැත්තට පැද්දෙන තාලේ ඒ වාගේම හරි ආඩම්බර කමකින් ඒ කරඩුව වැඩම කිරිම සිදු කරනවා. ඈතා වුනත් ඒ කටයුත්තට හරි කැමතියි. අනික් ඇත්තුන්ට වඩා විශාල ඇතෙක් නිසා මෙ හස්තියා පෙරහැර මංගලයේ ගමන් කරද්දි අපි සැබෑ වෙනසක් දකිනවා.

 

ඒ කාලයේ අලින් ලබා ගන්න ක්‍රම කිහිපයක් පමණයි තිබුණේ. පළමු ක්‍රමය තමයි අලින් ඇල්ලිමට බලපත්‍ර නිකුත් කිරිම දෙවැනි ක්‍රමය තමයි අලින් වෙන්දෙසි කිරිම, අපේ ලොකු ඈතා බලපත්‍රයකට ආණමඩුවෙන් අපේ පියතුමා ගෙනාපු එකෙක් මිය ගිය පොඩි ඈතා සත්ව උද්‍යාන වෙන්දෙසියෙන් එක්දහස් නවසිය පනස් ගණන් වල මිළදි ගත්ත ඇතෙක් නැතිනම් රාජ්‍ය නායකයා විසින් අලින් විහාරස්ථාන සහ දේවාල වලට පූජා කරමින් තමයි අලි ඇතුන් ලබා දිම එවකට සිදු වුනේ.

 

මිය ගිය ජයන්ති ඈතා පිළිබඳව අදහස් දැක්වු මිල්ලන්ගොඩ ලොකු මහත්මයාගේ පුතණුවෙකු වන මහින්ද මිල්ලන්ගොඩ මහතා මෙසේ පැවසිය.

මේ ඈතාගේ වයසත් එක්ක දත් වල යම් යම් අපහසුතාවයන් වලට ගොදුරු වුනා. ඊට පස්සේ කෑම කෑවාට ඒවා හරියට හැපිලා ජීරණ පද්ධතියට පහසුවක් වෙන විදිහට සිදු වුනේ නැහැ. මේ දේ ඔනෑම හස්තියෙක් වයසට යන විටදි දැකිය හැකි ලක්ෂණ නමුත් අපි බලා ගෙන හිටියේ නැහැ බෙහෙත් කලා. මිය ගිය දවසට කලින් අපි ජයන්ති ඈතාට සේලයින් බෝතල් විශාල ප්‍රමාණයක් දිලා ජීවිතය බේරා ගන්න උත්සාහ කළ. සේලයින් දුන්නාට පස්සේ මේයා නැගිටින්න උත්සාහ කලා. නමුත් ඈතා මිය ගියා හරි දුකයි.