බොහෝ ජාතීන් නිදහස දිනාගත්තේ අරගල වලින්


martin_luther

කලින් කලට ලොව ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහිවන අතර ඔවුන් කියන කරන දැ අවුරුදු ගණනක් පවතියි. ඔවුන් ප‍්‍රකාශ කරන ඇතැම් කරුණු එදාටත් අදටත් මෙන්ම හෙටටත් වලංගුය. අදින් ඇරඹෙන්නේ ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම මෙන්ම විශිෂ්ටතම මිනිසුන් විවිධ අවස්ථාවලදී කරන ලද ප‍්‍රකාශවලින් කොටස්ය.

මාටින් ලූතර් කිං (ජූනියර්) ලොව බිහි වූ ශ්‍රේෂ්ඨ මිනිසුන් අතරින් කෙනෙකි. අහිංසාවාදය, සිවිල් අයිතිවාසිකම් ආදිය වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු මිනිසුන්ගේ ජනාදරයට පත්විය. නිරන්තරයෙන් මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි මාටින් ලූතර් කිං වියට්නාම යුද්ධයට තම විරෝධත්වය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ අතර අද ලෝකය පිළිතුරු සොයන දරිද්‍රතාව එරෙහිව ද සටන් කළේය. ඔහු කළ සේවය වෙනුවෙන් ඇමෙරිකාවේ වීදි ගණනාවක් ඔහුගේ නමින් නම් කර ඇති අතර මාටින් ලූතර් කිං නමින් දිනයක් ද වෙයි.

ඇමෙරිකාවේදීත් ඉන් පිටදීත් සම්මානයට පාත‍්‍රා වූ මාටින් ලූතර් කිං 1964 වසරේ දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය. මාටින් ලූතර් කිං නොබෙල් සාම ත්‍යාගය ලබා ගනිමින් 1964 දෙසැම්බර් 11 වැනිදා නොබෙල් දේශනය කළේය. මේ එම දේශනයෙන් උපුටා ගත් කොටසකි. ප‍්‍රචණ්ඩත්වය ඔස්සේ වාර්ගික යුක්තිය ළඟා කරගැනීම ප‍්‍රායෝගික හා සදාචාරත්මක නොවෙයි. ප‍්‍රචණ්ඩත්වයෙන් කෙටී කාලීන විසඳුම් ලැබෙන බව මම නොදන්නවා නෙවෙයි. බොහෝ ජාතීන් ඔවුන්ගේ නිදහස දිනාගත්තේ අරගල වලින්. එහෙත් තාවකාලික ජයග‍්‍රහණ මිසක ප‍්‍රචණ්ඩත්වයෙන් දිගුකාලීන ස්ථීර සාමයක් දිනාගත නොහැකියි.

ප‍්‍රචණ්ඩත්වය සමාජ ප‍්‍රශ්න විසඳන්නේ නැහැ. එය තිබෙන ප‍්‍රශ්න තව තවත් සංකීර්ණ කරනවා. ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රායෝගික නැහැ. එය සියල්ල විනාශ කර දමන්නක්. ප‍්‍රචණ්ඩත්වය කිසිම අවස්ථාවකදී සදාචාර සම්පන්න නැහැ. ප‍්‍රචණ්ඩත්වය විරුද්ධවාදීන්ගේ හිත් දිනාගන්නවා වෙනුවට ඔවුන් නින්දාවට පත් කරනවා, අවමානයට පත් කරනවා. ප‍්‍රචණ්ඩත්වය සදාචාර සම්පන්න නැහැ. එය ආදරය වෙනුවට වෛරය පතුරුවනවා. එය සමාජය සමාජ වර්ගය ජනතාව විනාශ කරදමනවා. සහෝදරත්වය ඇතිවීම වළක්වනවා.

ප‍්‍රචණ්ඩත්වය සමාජය තුළ සංවාද ඇතිවීම වළක්වා විසංවාද ඇති කරනවා. මිනිසුන් හුදකලා කරනවා. ප‍්‍රචණ්ඩත්වය ඉතිරි වන්නන් තුළ අමිහිරත්, විනාශකරුවන් තුළ කෲරත්වයත් ඇති කරනවා. අහිංසාවාදයෙන් නූතන මිනිසා මුහුණ දී සිටින උභතෝකෝටික අධ්‍යාත්මික හා සදාචාරාත්මක පමාවෙන් මුදා ගත හැකියි.අහිංසාවාදය ඔස්සේ සදාචාරත්මක ආරක්ෂිත බවක් සහ සදාචාරාත්මක අගනාකම් නිර්මාණය කරනවා. අහිංසාවාදය ශක්තිමත් සහ සාධාරණ අවියක්. ඇත්ත වශයෙන්ම එය මිනිසා විසින් වැපිරිය යුතු ලේ වැගිරීම් හා තුවාලවලින් තොරව ඉතිහාසය එකමුතු කළ අවියක්.