ඉතාලියේ මිලානෝ නගරයේ අලුතින් දහම් පාසැලක් ආරම්භ කිරීමට කටයුතු යොදාගත්තේ මෙහි ජීවත්වන ශ්‍රී ලාංකික දරු පවුල්වල දූදරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීමේ අරමුනිණි. මෙහි ජීවත්වන දූදරුවන්ට පාසැලෙන් නිසි අධ්‍යාපනයක් ලැබෙන අතර ලාංකික අනන්‍යතාවය රැකෙන අන්දමින් දරුවාගේ අධ්‍යාපනය හැඩගස්සා ගැනීමට හැකියාව ලැබෙන්නේ දහම් අධ්‍යාපනය මගින් ලැබෙන පෝෂණ ගෙන
ලොව උතුම් ශ්‍රේෂ්ඨ ජාතියකට උරුමකම් කියන අප ළඟ පැවති උදාර ගතිලක්ෂණ දිනෙන් දින වියකී යන බවක් දක්නට ලැබෙන අතර එය තරමක් දුරට හෝ අවම කර ගැනීමට අපට හැකියාව ලැබෙන්නේ අනාගත පරම්පරාවට එවැනි උදාර ගති ලක්ෂණ දායාද කලහොත් පමණි.
එබැවින් පූජ්‍ය,පූජක,ගුරුවර,වැඩිහිටි අප කාගේත් වගකීම හා යුතුකම වන්නේද තමාගේ කාර්යභාරය මැනවින් කාලෝචිතව තේරුම් ගැනීමයි. දරුවාගේ දුර්වල තැනදී දොස්පවරමින් හෙළා දකිනවාට වඩා උතුම් වන්නේ තමාගේ ගතිපැවතුම්,සිතුම්පැතුම් ක්‍රියාකලාපයන්ගෙන්ආදර්ශමත් වීමයි. දරුවාට අධ්‍යාපනය ලබාදී උගතෙකු බුද්ධිමතකු කරනවා වගේම ගුණවතකු,නැණවතකු කිරීමටද,පාපයෙන් වලක්වා ගැනීමට, යහපතහි යෙදවීම, මව්පිය,ගුරුවරු, වැඩිහිටි ගෞරවය ඇතිකිරීම බණට ,භාවනාවට,සිලයට වත්පිලිවෙත්වලට යොමුකිරීම තුළින් උදාර චරිතවත් සමබර පෞරුෂයකින් යුත් ගුණවත් සත්පුරුෂයකු සමාජයට දායාද කළ හැකිය.
හිරගෙවල් පොලිසි විවෘතවන ප්‍රමාණය අඩුකොට මානසික රෝගින්ගේ ප්‍රමාණයද අඩුකොට මානසික සමබර තාවයෙන් යුත් ආදාරවු සමබරතාවයෙන් යුත් උදාරවු දරුපරපුරක් බිහිකර ගැනිමට මෙම දහම් සේවාව ඉවහල් වේ.මෙවැනි අතුම් අදහසක් මුල්කරගෙනයි අලුතින් දහම්පාසැලක් ආරම්භකළේය.මේ සඳහා කටයුතු කල සංවිධායක මඩුල්ලටද,මව් දෙමව්පියන්ටද,ගුණ යහපත් ආදරණීය දූපුතුන් සියලු දෙනාටද සියලු යහපත සැනසේවායි ප්‍රාර්ථනා කරන බව පලගහතැන්නේ සීලවිමල හිමි ප්‍රකාශකර සිටී.