රජරට පිරිවෙනකට සිංගප්පූරු උදව්


ගලෙන්බිදුණුවැව පඩිකාරමඩුව සාරානන්ද පිරිවෙනට ඇදන්, මෙට්ට, ඇතිරිළි කොට්ට ආදිය පරිත්‍යාග කිරීමේ පිංකමක් ඉකුත්දා සිදුකෙරිණි. මෙම පිරිවෙන් පිළිබදව ලංකාදීපයේ පළවූ ලිපියක් දුටු සිංගප්පූරුවේ ලෝක බෞද්ධ මධ්‍යස්ථානාධිපති යටමලගල සුමනසාර හිමියෝ මේ පරිත්‍යාගය කළහ. සිංගප්පූරුවේ බෞද්ධයකුවන ඔං ක්වික් බෙන් මහතාද චීන ජාතික බෞද්ධයකුවන චං කොහා මහතාද මෙම ආදාර ලබා දීමට දායක වූ බව සුමනසාර හිමියෝ පවසති.