ලෝකයේ ලස්සනම කෙල්ල චීනයෙන් By None // 2012 අගෝ 26 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලෝකයේ ලස්සනම කෙල්ලවන්නට ලැබීම ඕනෑම කෙල්ලකට සතුටුවීමට ලැබෙන අවස්ථාවකි. ඒ කෙල්ල උපන් රටේ වැසියන්ටද ලස්සනම කෙල්ලට මෙන් සතුටුවීමට ඉඩ ප්රස්ථා ලැබේ. ඒ ලස්සනම කෙල්ල අපේ කෙල්ලකියි යන හැඟීමෙනි. ඉතින් මෙදා ඒ සතුට ලැබුණේ චීන ජනතාවට සහ චීන රූ රැජින වූ යූ. ටෙන්සියා නම් යුවතියටය. දකුණු ආසියාවේ බලසම්පන්නම රටක් ලෙස ඉහළින්ම සිටින චීනයේ ලස්සනම කෙල්ලන්ද සිටීම ඇත්තටම චීනයට ආඩම්බරයකි. ලෝක රූ රැජින තේරීමේ අවසන් තරගය මෙවර පැවැත්වුණේ චීනයේම වීම තවත් විශේෂත්වයකි. මොංගෝලියාවට අයත් ගෝබි කාන්තාරයට යාබද ඕර්ඩෝස් නුවර ඩොන්ග් ෂෙන් ගෘහස්ථ ක්රීඩාංගණය තුළදීය. මෙම කාන්තාර නගරය ලක්ෂපතියන්ගේ නගරයක් වන අතර දෙවැනි ඩුබායි නගරය ලෙසද හැඳින්වෙයි. මේ නුවර මැද පැවැති මෙම සුපිරි උළෙල රැුඟුම්, ගැයුම්, නැටුම්වලින් පිරී තිබිණි. රටවල් 116කට අයත් සුරූපිනියන්ගෙන් පිරී පැවතුණු මෙම උළෙලෙහි ලෝක රූ රැජින කිරුළ හිමිකරගත් යූ. ටෙන්සියාට ඉකුත් වසරේ රූප සුන්දරිය වූ වෙනිසියුලාවේ රූ රැජින දියමන්ති ඔටුන්න පළඳා වසරක් සඳහා ඇය අභිෂේක කළාය. වේල්ස් රූ රැජින වූ ෂොපී දෙවැනි තැනටත්, ඕස්ටේ්රලියා රූ රැජින වූ ජෙසිකා තෙවැනි තැනටත් තේරී පත්වූහ. මෙම රූ රැජින තරගය ලොව පුරා විවිධ රූපවාහිනී නාලිකා ගණනාවකින් විකාශය විය. මිලියන ගණනක් පේ්රක්ෂකයන්ගේ ප්රසාදයට ලක්වූ මෙම උළෙල සජීවීව නැරඹූවන් අතරෙහි වැඩිම පිරිසක් චීන ජාතිකයෝ වූහ. රූ රැජින තේරී පත්වීමත් සමග චීන ජාතිකයෝ නටා ගයා ප්රීතිඝෝෂා පැවැත්වූහ. මෙදා රූ රැජින වූ යූ. ටෙන්සියා සංගීත ලෝලියක් වූවාය. සංගීත ගුරුවරියක ලෙස කටයුතු කරන මෙම විසිතුන් හැවිරිදි යුවතිය නර්තනයටද හපනියකි. රූ රැජින වූ පසුව ඉපැරැණි චීන ගීතයක් ගයා පේ්රක්ෂකයෝ ප්රබෝධයට පත්කළ ඇය පියානෝ වාදනයටද හපනියකි. සංගීතය හැරුණු විට ඇගේ විනෝදාංශය වන්නේ කඳු නැගීම සහ සංචාරයයි. ලෝක රූ රැජින කිරුළ නිසා ඇයට රට රටවල සංචාරය කිරීමේ වාසනාවද උදාවනු ඇත්තේය. ශකුවි Facebook Twitter Google+ Recommended Articles දළදා මාලිගාවේ කාර්යමණ්ඩලය දළදා මැදුරේ වතගොත දළදා දැක්මට පෙර ට්රම්ප් ට TIK TOK ප්රහාරයක් පුංචි ජන්දයෙන් ඔබේ නියෝජකයා තෝරන හැටි ශ්රී දළදා පූජා - ප්රදර්ශන ඉතිහාසය