(දයාරත්න ඇඹෝගම)
ශබ්ද තරංගයක් මගින් වන අලි පලවා හැරීම සඳහා උපකරණයක් අනුරාධපුර ඉංජිනේරුවරයෙකු විසින් නිපදවා තිබේ.
ඔහු අනුරාධපුර ඔයාමඩුව,බුත්තල පදිංචි කරුවෙකු වන මනතුංග දිප්ති ජිවකාන්ත ද සිල්වා (42) නැමති ගුවන්යානා සහ විදුලි දුම්රිය ඉංජිනේරුවරයෙකි.මේ වන විට සිල්වා මහතා ඩුබායි රටේ සේවයේ නිරතව සිටිති.
සිය නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින් ජිවකාන්ත ද සිල්වා (42) මහතා මෙසේ පැවසීය.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා.සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හැදැරුවාට පස්සේ මම ලංකාවේ රැකියාවල් කිහිපයක් කළා.පසුව ඩුබායි රටට ගියා.ගුවන් යානා නඩත්තු කිරීම සඳහා අවුරුදු තුනක් පෞද්ගලික ආයතනයක ඉගෙන ගෙන ගුවන් යානා නඩත්තු කිරීම සඳහා බලපත්‍රය ලබාගත්තා.ගුවන් යානා නඩත්තු කිරීමේ රැකියාව අවුරැදු තුනක් සිදුකළා.
ඊට පස්සේ ඩුබායි රටේ විදුලි දුම්රිය සේවාව ආරම්භ කළාට පසුව මම විදුලි දුම්රිය ඉංජිනේරුවරයෙක් විදියට 2012 වසරේ සිට මේ දක්වාම ඩුබායි රටේ සේවය කරනවා.
ඒ අතරතුර තමයි මම වනඅලි පලවා හැරීමේ මෙම යන්ත්‍රය නිර්මාණය කළේ.ඒ සඳහා මට පේටන්ට් බලපත්‍රයක් ලැබිලා තියෙනවා.පළමුවෙන්ම මම මෙම යන්ත්‍රය හදන්න පෙර ලෝකයේ ඉන්න වන අලියෝ පිළිබඳව මාස හයක්ම අධ්‍යනය කළා.
අප්‍රිකානු අලි,ඇමරිකාවේ ඉන්න අලි ගැන ඔවුන්ගේ හැසිරීම පිළිබඳව අධ්‍යනය කළා.ඉන් මම වටහාගත් දෙයක් තමයි මොලය තියෙන අලි විශාල පිරිසක් ඉන්නේ ලංකාවේ කියන එක.ලංකාවේ වන අලි විදුලි වැටේ කණුව උඩින් ගලවලා ටක් ගාලා බිම දානවා.
දකුණු ආසියාවේ හොඳම අලියා ඉන්නේ ලංකාවේ.මම අපේ ලංකාවේ අලියෝ බය මොනවටද කියලා ආයේ අධ්‍යනය කළා.ඊට පස්සේ මම අධ්‍යනය කළා ඇයි මේ අලි වැටවල් අසාර්ථක වෙන්න හේතුව කියලා.
මේ සඳහා වියදම වැඩියි,දැණුම නැහැ,නඩත්තු කරන්න බැහැ.ප්‍රශ්න ගොඩාක් තියෙනවා.ඒක තවදුරටත් හරියන්නේ නැති නිසා තමයි මේ වන අලි ප්‍රශ්නයට මුහුණ දෙන්න මේ වාගේ නිර්මාණයක් බිහිකරන්න කටයුතු කළේ.අලි එනකොට මේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම පමණයි කළ යුත්තේ.අලි ගියාම අක්‍රිය කරනවා.වියදම අඩුයි.විදුලි වැට වගේ නිතර විදුලිය භාවිතා කරන්න ඔනේ නැහැ.
අලිගැන අධ්‍යනය කිරීමෙන් පසුව මම දැනගත්තා අලියෝ සමහර දේවල් වලට අකමැති බව.ඒ වාගෙන් අලි ඇත් වෙන්න උත්සහා කරනවා.අලි සමහර ශබ්ද තරංග අහන්න අකමැතියි.ඒ පිළිබඳව අධ්‍යනය කරලා මම හැදුවා උපකරණයක් ඒ කියන්නේ මේ අලි පලවා හැරීමේ උපකරණය.
මේ උපකරණයට යොදවලා තියෙනවා ඝෝෂාකාරි හඬක්.ඒ ශබ්දයට වන අලි හරිම අකමැතියි.හැබැයි මේ හඩ නිසා අනෙකුත් සතුන්ට පීඩාවක් සිදුවන්නේ නැහැ.ඒ හඩ ඇසෙන දිසාවක වන අලි රැදි ඉන්නේ නැහැ.මේ උපකරණයේ හඩ මීටර් 100 ක් 150 ක් දුරට අපිට ඇහෙනවා.නමුත් අලියාට මේ හඩ කිලෝ මිටර් එක හමාරක් දෙකක් දුරට ඇහෙනවා.මේ ශබ්දයත් එක්ක අලියා කිලෝ මිටර් හතරක් පහක් දුරටආපස්සට යනවා.
අලියා ආපහු එන්න පුලුවන්.නමුත් අර ශබ්දය නැවත ඇහුනොත් අලියා තමුන්ට මෙම ස්ථානය ගැවසෙන්න සුදුසු ස්ථානයක් නොවෙයි කියලා හිතනවා.ආයේ ආපසු ඒ ප්‍රදේශයට එන්නේ නැහැ.අලි ඒ පළාත අත් හැරලා යනවා.මේ උපකරණය ඔනේ තැනකට අරන් යන්න පුලුවන්.වන ජිවි දෙපාර්තමේන්තුවේ වාහනයකට සවි කරලා ඔනේ කැලැවකට අරන් ගිහින් වන අලි එලවන්න පුලුවන්.
මම උපකරණය ගැන දැනුවත් කරන්න මම ඩුබායි ඉදලා වනජීවි ඇමතිතුමා සම්බන්ධ කරගන්න උත්සහා කළා බැරිවුණා.
ඊට පස්සේ ඇමතිතුමාගේ කාර්යාලයෙන් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සම්බන්ධ කරගන්න පුලුවන් වෙයි කියලා ඒතුමාගේ දුරකතන අංකය දුන්නා.ඒ අනුව ඒතුමා සම්බන්ධකර ගැනිමට හැකියාව ලැබුණා.
මෙම යන්ත්‍රයට අමතරව මම තවත් නිර්මාණ පහක් කරලා තිබෙනවා.ඒ සඳහාත් පේටන්ට බලපත්‍ර පහක් මට ලැබිලා තිබෙනවා.ලංකාවේ විදුලි ප්‍රශ්නයටත් විසදුමක් විදියට මුහුදු ජලයෙන් විදුලිය නිෂ්පානය කරන්න මම උපකරණයක් නිෂ්පාදනය කොට තිබෙනවා.
විශේෂයෙන්ම මුහුදු ජලයෙන් විදුලිය නිෂ්පාදනය කරන යන්ත්‍රය මගින් රටටම විදුලිය නිෂ්පාදනය කරලා අතිරික්තය මාලදිවයිනට,ඉන්දියාවට විකුණන තත්වයකට නිපදවන්න පුලුවන්.
පොලොව යට විදුලි බලාගාරයක් ගහලා තමයි මම විදුලිය නිෂ්පාදනය කරන්නේ.පැයට කිලෝ වෝට් 10.000 ක් විදුලිය නිෂ්පාදනය කරන්න පුලුවන් මට.එහෙත් අපේ රටේ පාලකයන් අපේ හැකියාවන් ගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ.
ඒ නිසා අපට පිටරටට වෙලා ඔවුන්ට සේවය ලබාදෙන්න සිදුවිම කණගාටුවක්.මේ සම්බන්ධයෙන් අපේ නව ජනාධිපතිතුමාත් රජයත් අවධානය යොමු කරලා සිය හැකියාවෙන් සේවය ලබාගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතෙම මෙහිදි පැවසීය.