විදුලි බිල දැවැන්ත ලෙස වැඩි කිරීමට ආණ්ඩුව තීන්දු කිරීම, රටේ අධික ණය බර, ජනතාවගේ අධික ජීවන බර හා රටේ අනාගතය මෙන්ම ආණ්ඩුවට විකල්පය වීමට එජාපයට ඇති හැකියාව ගැන ආචාර්ය හර්ෂ ද සිල්වා දැක්වූ මතවාදයයි මේ. |
![]() |
ප‍්‍රශ්නය:- මේ මොහොතේ ජනතාවගේ හා රටේ ආර්ථිකයට, නිෂ්පාදන කි‍්‍රයාවලියට දැඩි සේ බලපාන ලෙස විදුලි බිල ඉහළ දැමීමට ආණ්ඩුව සැරසෙනවා. මේ විදුලි බිලේ අධික මිල ඉහළ දැමීමට බලපාන පරිසරය ගැන විග‍්‍රහයක් කරන්න.
පිළිතුර:- විදුලි බිලේ මිල වැඩි වීම ගැන ජනතාවට මහජන උපයෝගිතා කොමිසමට ගිහින් කරුණු කියන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. එජාප රනිල් ආණ්ඩුව තමයි මේ ස්වාධීන කොමිසම ඇති කළේ. ඒත් ජනතාව කවුරුවත් විදුලි බිල වැඩි කරන්න ඉල්ලූවෙ නැහැ. කොමිසම තමන්ගෙ මතය එළිදක්වන්න කලින් ජනාධිපතිතුමා හමුවෙලා කළ යුත්තේ කුමක්දැයි විමසූ බව ජනමාධ්‍ය වාර්තා කළා. එහෙම නම් මේ කොමිසම දැන් ඉටු කරන්නෙ ජනතාව කියපු දේ නෙවෙයි. ජනාධිපති කියපු දේ බව පැහැදිලි නිසා මෙහෙම කොමිසකින් නම් වැඩක් නෑ.
ප‍්‍රශ්නය:- මෙතරම් විශාල මිල වැඩිවීමකට යාමට ආණ්ඩුවට සිදු වුණේ ඇයි?
පිළිතුරු:- විදුලි මණ්ඩලයයි තෙල් සංස්ථාවයි ගහයි පොත්තයි වගෙයි. මේ ආයතන 2 වසරකට රු. බිලියන 170ක විතර එනම් රු. කෝටි 17,000ක් තරම් දැවැන්ත අලාභයක් ලබනවා. මේ ආණ්ඩුව වසරකට අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වැය කරන මුදලයි මේ පාඩුවයි අතර ලොකු වෙනසක් නැහැ. මේ පාඩුව අඩුකර ගැනීමට ආණ්ඩුව ගත්ත එකම තීන්දුව වෙලා තියෙන්නේ මේක ජනතාව පිට පටවලා ඇඟ බේරා ගැනීමයි.
ආණ්ඩුවක් කළ යුත්තේ සියලූ බර ජනතාවට පටවන එක නෙවෙයි. මණ්ඩලයේ පාඩුව අඩු කර ගන්නයි ආදායම වැඩි කර ගැනීමයි ආණ්ඩුව කළ යුත්තේ. ඇතැම් සැලසුම් එජාප කාලේ වගේම මේ කාලෙත් පමාවීම තවත් ගැටලූවක්. එදා නොරොච්චෝලේ පමා කළා වගේ අද සාම්පූර් පමා කිරීම ලොකු ගැටලූවක්. එහෙම වුණාම හිරවෙනවා. චීන ණයෙන් කරපු නොරොච්චෝලේට ඩොලර් බිලියන 1.3ක් වැය වුණාට ඉන් දශලක්‍ෂ 350ක් කොමිස් වලට වෙන් වෙලා බව හරේන් මන්ත‍්‍රිතුමා පාර්ලිමේන්තුවේදී එළි කළා. මේ අධික කොමිස් ගෙවන්න බැරි බව චීනය කියලත් තියෙනවාලූ. කෙරවලපිටියේ විදුලි ඒකකයක් ආණ්ඩුව ගන්නේ රු. 15 ට කියලා ජනාධිපති ඇතුළු ආණ්ඩුවම එදා කිව්වත් අද ඒකකයක් ගන්නේ රු. 30 ටයි. සැලසුම් කි‍්‍රයාත්මක නොකිරීම, වැඩිපුර මුදල් ගෙවීම් වගේම හොරකම් හා නාස්තිය මේ විදුලි මණ්ඩලේ ගැටලූවට මුලයි. අතීතයේ හා ජේ.ආර්. යුගයේ ඉදිවූ මහවැලිය හරහා ජල විදුලි ඒකකයක් රු. 3 - 4 ට තවම නිපදවනවා. ඉන්පසු නොරොච්චෝලේ ඒකකයක් රු. 10ක් වෙනවා. අනිත් රාජ්‍ය හා පෞද්ගලික ඉන්ධන බලාගාර වලින් ඒකකයක් රු. 25 - 30 - 40 දක්වා ඉහළ මිලටයි ගන්නේ.
එදිනෙදා ගසාකෑම් පවා විදුලි මණ්ඩලය තුළ තිබෙනවා. නිදසුනක් ගනිමු. ඒ ඒ විදුලි ඉල්ලූම පවතින විටයි ඒ ඒ බලාගාර කි‍්‍රයාත්මක කරවිය යුත්තේ. ඒත් සැලසුම්ගතව ඒක නොකරන බව පැහැදිලියි. ඒ හරහා ලොකු ගසාකෑමක් කෙරෙනවා. එනම් රු. 04ට ඒකකයක් ගත හැකි බලාගාරයක් කි‍්‍රයාත්මක කළ හවස වගේ වෙලාවට රු. 25කට ඒකකයක් ලැබෙන බලාගාරයක් කි‍්‍රයාත්මක කරනවාලූ. මේ ගසාකෑම් තමයි ජනතාව පිට පටවන්නේ. මේවා විගණනය කරන්නෙත් නැතිලූ. ඒකයි නියම වැඬේ. නව තාක්‍ෂණය හා විනිවිද බවත් මේ කි‍්‍රයාවලිය තුළ නැහැ. විදුලිය වැඩි පරිභෝජනයක් ඇති වෙලාවේ ඒවා අවම කිරීමට හරි වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කළ යුතු වුවත් ඒක කරන්නෙත් නැහැ.
විදුලි බල මණ්ඩලයට අනුබද්ධ සමාගම් 14 ක් තියෙනවා. ඒවායේ අධ්‍යක්‍ෂවරු ඉන්නේ බොහෝවිට මණ්ඩලයේ අයමයි. විදුලියෙන් ලබන සියලූ ලාභ ඒ සමාගම් අරගෙන ඒ සමාගම්වල අයගේ සාක්කුවල දාගන්නවා. මණ්ඩලයට හුළං. මේ මාෆියාව පිටුපස බලවතුනුත් ඇති. විදුලි මාෆියාව කොච්චර බලවත් ද කියනවා නම් උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට පවා ඔවුන් වගකියන්නේ නෑ. මේ පසුබිම තිබෙනතුරු විදුලි මණ්ඩලයට හා අසරණ ජනතාවට ගොඩඒමක් නෑ.
ප‍්‍රශ්නය:- විදුලි මණ්ඩලය මෙතරම් අධික පාඩුවක් ලැබීමට හේතු ඔබ විග‍්‍රහ කළා. ඒ පාඩුව රටට ජනතාවට ඇති කරන අවුල කුමක්ද? මේ අවුල විසඳීමට උපයෝගිතා කොමිසම හරහා විදුලිබලය වැඩි කිරීමට සැරසෙන අයුරු මෙතරම් අසාධාරණ බව ඔබ කියන්නෙ ඇයි? මිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් තිබෙනවද?
පිළිතුර:- මේ තරමට ජනතාව පිට බර පටවන්න හිටපු ඇමැති චම්පික කැමැති වෙලා නැහැ. ආණ්ඩුව කළේ ඔහු අයින් කරලා පවිත‍්‍රා ඇමැතිනිය දාලා වැඬේ කරන එකයි. ලයිට් කියන්නේ පාසල් දරුවා, ගෘහණිය, පොඩි කඬේකට වගේ ලොකු කම්හලට පවා විදුලිය අත්‍යවශ්‍යයි. ඒකක 48 ක් පාවිච්චි කරන්නේ නැතිනම් ඒ නිවස විදුලි දරිද්‍රතාවෙන් පෙළෙනවා. ඒත් ලංකාවේ විදුලිය පාවිච්චි කරන පවුල් වලින් 43%ක් ඔය විදුලි දරිද්‍රතාවෙන් පෙළෙනවා. ඒත් ආණ්ඩුවේ මිනිස්සු ජනමාධ්‍යවලට කියන්නෙ විදුලි බිල සුළු ගණනක් වැඩි වුණාම එජාප අය බෙරිහන් දෙනවා කියලයි.
දියවැඩියාව අධික වුණාම ඉන්සියුලින් ගහන්නම වෙනවා. නැත්නම් මැරෙනවා. ඒ වගේ විදුලි බිල කොච්චර වැඩි කළත් දුප්පත්ම ජනතාවට පවා විදුලි
දිනකට රු. 125කට වඩා වැය කළ හැකි අය පොහොසත් අය බවයි මේ ආණ්ඩුව සලකන්නේ. ඒත් ලොව අන්ත දුගීයන් ලෙස ආර්ථික විද්‍යාවේ සලකන්නේ ඩොලර් එකක ආදායම ඇති අයයි. එනම් රු. 260ක් විතර දිනකට ලැබෙන අයයි. ඒත් ලංකාවේ ආණ්ඩුව රු. 125ක් ලැබෙන කෙනෙක් පොහොසතුන් ලෙස සලකලා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනවා. ඒ වගේ මේ ආණ්ඩුව අනිත් හැම ක්ෂේත‍්‍රයකම සංඛ්‍යාලේඛනම ‘මසාජ්’’ කරලයි රටට බොරු කියන්නේ. |
දරිද්‍රතාවෙන් පෙළෙන අයට පවා ඒක ගෙවන්න වෙන නිසා ආණ්ඩුව අසාධාරණ ලෙස මේක වැඩි කරනවා. ජනතාව තවත් අනාතයි. ඒත් ආණ්ඩුව ගොඩ. විදුලි බිල වැඩි කිරීමේදී ආණ්ඩුව පාවිච්චි කරන්නේ ‘‘ඉන්සියුලින්’’ න්‍යායයි. ආණ්ඩුවක් මේ වගේ පහත් න්‍යායවල් පාවිච්චි කරලා ජනතාව පෙළන එක නින්දිත වැඩක්. දුප්පතුන් තවත් නන්නත්තාර කරන්න මේ හදන්නේ.
ප‍්‍රශ්නය:- විදුලි බිල ලොකුවට වැඩි වෙන බව කිව්වත් ඒකක හා රුපියල් ගණනින් යම් ඒත්තු ගැන්වීමක් කළ හැකිද?
පිළිතුර:- ඉස්සර පහළම ඒකක 30 ට ගාස්තු අඩුයි. ඊළඟ 30 ට ඊට වඩා මිල වැඩියි. එහෙම ගියේ. මේ පාර ආණ්ඩුව කරන්න හදන්නේ අපි පාවිච්චි කරන ඉහළම ඒකකයට එන මිල සියලූ ඒකක වලින් අය කරන්න හදන්නේ. ඒකක 91ක් පාවිච්චි කළොත් දැනට තියෙන බිල සියයට 126% කින් වගේ දැවැන්ත වැඩිවීමක් වෙනවා. මුදලක් හැටියට කිව්වොත් දැනට රු. 1400 ක බිලක් ගෙවන කෙනාට 2500 ක් විතර ඒක වැඩි වෙනවා. තුන්වේල අමාරුවෙන් කන මිනිස්සුන්ට මේවා දරාගන්න පුළුවන්ද? ඒකක 900ට වඩා පාවිච්චි කරන කෝටිපති ගෙවල්වලට 0.1%ක අඩුවීමක් කරන්න ආණ්ඩුව සූදානම් වුණා. සුපිරි පංතියට දෙන්න හදපු ඒ සහනය නොදෙන බව ආණ්ඩුව දැන් කියනවා. ඒකක 90 ක් පාවිච්චි කරන දුප්පතාට 126%ක් වැඩි කරලා ඒකක 900 ක් පාවිච්චි කරන අයට 0.1%ක් වැඩි කරන එක ජනතාව හොඳින් තේරුම් ගනීවි.
ප‍්‍රශ්නය:- මේ මිල වැඩි වීම අපේ ආර්ථිකයට කර්මාන්තවලට ආයතනවලට කෙබඳු බලපෑමක් කරාවිද?
පිළිතුර:- කම්හල්වල විදුලිබිල දැනටත් ගෙවා ගන්න අමාරුයි. ඒ අතරේ මේ මිල වැඩි කළාම ඔවුන් තවත් අනාථ වේවි. නිෂ්පාදනවල මිල ඉහළ ගියාම පාරිභෝගිකයාටයි ඒ බරත් දරන්න වෙන්නේ. අපේ අපනයන භාණ්ඩවල මිල ඉහළ ගියාම අනිත් රටවල් හා තරග කරන්න අමාරු වෙලා අපේ භාණ්ඩ කොන්වේවි. ‘‘මහින්ද චින්තන’’ ආශ්චර්ය යටතේ අපේ අපනයන වෙළෙඳ පොළ කඩා වැටිල තියෙන්නේ. ගිය වසරට වඩා මේ වසරේ 10%ක කඩාවැටීමක් තියෙනවා. මීට වසර 10 කට පෙර 34% ක් වූ අපනයන දැන් 16% ට බැහැලා. මිනිස්සු අද මුදල් යොදවන්නෙ නිෂ්පාදනය හෝ අපනයනය ඉහළ දාන දේවල් වලට නෙවෙයි ‘‘ඞීල්’’වලටයි. තිබුණු ඒවාත් වැහුණා මිසක් අලූත් කම්හල් ඇරුණෙ කොහෙද?
ප‍්‍රශ්නය:- ඒත් ආණ්ඩුව කියන්නෙ යුද්ධයෙන් පසු ආයෝජකයො හා සංචාරකයො ඉහවහා ගිහින්ය. අය වැය පතරතරය තනි ඉලක්කමට ගෙනාවාය, විරැකියාව දරිද්‍රතාව අඩු කළාය, සංවර්ධනය වේගවත් කළාය කියලයි. ආණ්ඩුව හා ඔබ ඇතුළු විපක්‍ෂයෙන් ඇත්ත කියන්නෙ කවුද?
පිළිතුර:- ඇත්තටම අද මේ රටේ 10%ක විතර ආණ්ඩුවට සම්බන්ධ සුළුතරයක් ජනතාවගේ සියලූ ප‍්‍රශ්න රොකට් වේගයෙන් විසඳෙනවා. ඒත් ආණ්ඩුව 90%ක විතර ජනතාවගේ ආර්ථිකය ඝාතනය කරනවා. අපි කතා කරන්නේ ඒ අසරණ මිනිස්සු ගැනයි. ජනතා ආර්ථිකය ඝාතනය කරමින් ආණ්ඩුව තම තමන්ගේ ආර්ථිකය ආශ්චර්ය කරා ගෙනියනවා. මහින්ද චින්තනය කියන්නේ ඒකටද?
දිනකට රු. 125කට වඩා වැය කළ හැකි අය පොහොසත් අය බවයි මේ ආණ්ඩුව සලකන්නේ. ඒත් ලොව අන්ත දුගීයන් ලෙස ආර්ථික විද්‍යාවේ සලකන්නේ ඩොලර් එකක ආදායම ඇති අයයි. එනම් රු. 260ක් විතර දිනකට ලැබෙන අයයි. ඒත් ලංකාවේ ආණ්ඩුව රු. 125ක් ලැබෙන කෙනෙක් පොහොසතුන් ලෙස සලකලා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනවා. ඒ වගේ මේ ආණ්ඩුව අනිත් හැම ක්ෂේත‍්‍රයකම සංඛ්‍යාලේඛනම ‘මසාජ්’ කරලයි රටට බොරු කියන්නේ. කාන්තාවන් රට පටවලා විරැකියාව අඩු වූ බව කියනවා.
ප‍්‍රශ්නය:- අපේ විදේශ ණය බර දැන් එක් පුරවැසියකු රු. ලක්‍ෂ 3 1/2 ක් දක්වා ඉහළ ගිහින් බව කියනවා. ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි කරගත් ලංකාවට ඇමෙරිකානු ආධාර 20% ක් කපන බව දැනටත් ප‍්‍රකාශ වී තිබෙනවා. අධික ණය බර හා අපේ ආර්ථිකය ගැන මොකද කියන්නේ?
පිළිතුර:- තේ අපනයනයෙන් වසරකට අපට ලැබෙන්නේ ඩොලර බිලි: 1.4 යි. ඇඟළුම් වලින් 3.8ක් ලැබෙන කොට මැද පෙරදිගට ඇතුළු රටවලට මිනිස්සු යවල අපි ඩොලර් බිලි: 06 ක් උපයනවා. සංචාරකයන්ගෙන් ලැබුණෙ බිලියනයක් විතරයි. ඔන්න ආශ්චර්ය. මේ නිසා සමාජ ප‍්‍රශ්න ඔඩු දුවලා යුද්ධය ඉවර වුණාම ඩොලර් බිලියන 04ක් ආයෝජන ගේනවා කියපු ආණ්ඩුවට බිලියනයක ආයෝජන විතරයි ලැබුණෙ කියලා මහ බැංකුවට කියනවා.
මේ රටේ අධික ණය ගැන ඔබ ඇහුවා. මේ තරමටම අපට ණය ගන්න වුණේ ඇයි? හිටපු හැම ආණ්ඩුවක් ගත් ණය මෙන් හතර ගුණයක් මේ ආණ්ඩුව 2005 සිට මේ දක්වා අරන් තියෙනවා. ඇමෙරිකාවත් ටි‍්‍රලියන ගණන් ණය අරන් තියෙනවා. ඔවුන් හා ලංකාව කිසිසේත්ම සංසන්දනය කරන්න බැහැ. ඒ රටේ ප‍්‍රශ්න තිබුණත් ලොව බලවතා ඇමෙරිකාවයි. ඒත් ලංකාව ගිය වසරේදී ලැබූ බදු ආදායමෙන් 48%ක් ලංකාව ගත් ණයවල ‘‘පොලිය’’ ගෙවන්න වැය වී තිබෙනවා. ගත් ණය වාරික ගෙවන්න තවත් කොච්චර මුදලක් වැය වෙනවද හිතල බලන්න. ණය හා පොලී ගෙවන්න මේ රටේ බදු ආදායමෙන් 120%ක තරම් දැවැන්ත මුදලක් වැය වෙන බංකාළොත් රටක් බවට ලංකාව දැන් පත් කරලා ඉවරයි. ඒ නිසයි ආණ්ඩුව ජනතාවගේ කරටි මිරිකලා මුදල් සුරාකන්න හදන්නේ. විදුලි බිල වැඩි කළොත් මණ්ඩලයේ හා ආණ්ඩුවේ බංකොළොත්කම නැති කර ගන්නයි. අද රෝගීන්ට අත්‍යවශ්‍ය බෙහෙත් පවා රෝහල්වල නැහැ. ඖෂධ සංස්ථාවට භාණ්ඩාගාරය රු. බිලියන 10 ක් නොදීම නිසා මේ පසුබිම ඇති වී තිබෙන බව පත්තර වල තිබුණා. අධ්‍යාපනයේ මුදලූත් ආණ්ඩුව කපනවා. මව්පියන් තමයි අද පාසලේ බර දරන්නෙ. අද සමෘද්ධි කපනවා. ගොවි විශ‍්‍රාම වැටුප නතර කළා. වැදගත් රාජ්‍ය ආයතන සියල්ල පාඩුයි. අධික පොලියට මෙපමණ ණය ගන්න වෙන්නේ ආයෝජන අඩු නිසයි. ඒ ණය ගෙවන්න තවත් ණය ගන්නවා. තවත් හිර වුණාම තවත් ණය ගන්නවා. මේ ආණ්ඩුව තියෙන තුරු මේ රටට ගැලවිල්ලක් නැහැ. ජනතාව මේ ගැන අවබෝධ කරන්න ඕනෑ. අනික මේ තරම් රට උගස් කර ගන්නා ණය අසාර්ථක ආයෝජනවල යොදවලා ඒවා සුදු අලි බවට පත් වීම අනිත් ඛේදවාචකයයි. නොරොච්චෝලේ ඉහළ කොත්මලේ හම්බන්තොට හදපු ව්‍යාපෘති ඔක්කොම එහෙමයි.
ප‍්‍රශ්නය:- රටේ ණය බර අධිකයි. ජීවන බර දරන්න බැහැ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව හිමිකම් නැහැ. නීතියේ ස්වාධීන බව ගිලිහිලාය. ආණ්ඩුව සුළු ජාතීන්ට හිරිහැර කරනවාය, ජනතා මුදල් ගසා කෑමේ සීමාවක් නැතය ආදී මොනවා කිව්වත් මෙතෙක් තිබූ සියලූ ඡුන්ද වලින් නම් දිනුවේ ආණ්ඩුව නේද?
පිළිතුර:- ඒ මධුසමය දැන් ඉවරයි. ආණ්ඩුවේ ඇන්දිල්ල බොරුව ජනතාවට දැන් තේරෙනවා. ජනතාව බිත්තියටම හිරවෙලා ඉන්න නිසා ආපහු මේ ආණ්ඩුවට ඡුන්දය දෙන අය ඉඳීවි කියල අපි හිතන්නෙ නැහැ. තමන්ට හා තම දරුවන්ට අනාගතයක් ඕන නම් එජාපයට සහාය දෙන්න. ආණ්ඩුවේ සුළු පිරිසට තවත් සැප විඳින්න දීලා තමන් දිගටම දුක් විඳින්න කැමති නම් මේ ආණ්ඩුවටම ඡන්දය දෙන්න. එජාපය යටතේ කාගේත් අත මීට සරුවෙනවා සමාජයේ මුදල් ගැවසෙනවා. සහන ලැබෙනවා රැකියා සුලභ වෙනවා. විදෙස් ආයෝජන රටට එනවා. සංවර්ධනය වේගවත් වෙනවා. එජාපය මේවා ඔප්පු කරල පෙන්නපු පිරිසක්.
එජාපය ඇතුළේ මත ගැටුම් දැන් බොහෝ දුරට නිමයි. අප වටා ඒකරාශී වීම ජනතාව දැන් ශීඝ‍්‍රයෙන් කරනවා. ප්ලග් ගලවනවා නෙවෙයි ප්ලග් ගහලා ලංකාව ලෝකය එක්ක එකතු කරල රට දියුණු කරනවා. ශක්තිමත් මැද පංතියක් තනනවා. එවිට ග‍්‍රාමීය හා පහළ පංතියට ඒ ශක්තියට ඔළුව ඔසවන්න ලැබෙනවා. එජාප රැඩිකල් ආර්ථික ප‍්‍රතිපත්තිය තුළ රටත් ජනතාවත් කෙටි කලකින් දියුණු වේවි. ඒ ප‍්‍රතිලාභ ලබාගැනීමට ජනතාව ඒකරාශී වෙන්න ඉක්මනින් සියලූ විපක්‍ෂ කණ්ඩායම් හා ජනතාව එජාපය වටා ඒකරාශී වීම වළකන්න කාටවත් බැහැ.
සංවාද මෙහෙවර අශෝක ජයතුංග |