15 වැනි වරටත් ලංකාදීප කිරුළ පළදී


 

( ඡායාරූපය ජයමාල් චන්ද්‍රසිරි) 

වසරේ ජනප්‍රියතම ජාතික පුවත්පත ලෙස ලංකාදීප පුවත්පත ‘15‘ වැනි වරට ස්ලීම්  මහජන සම්මානය අද (23) දිනාගත්තේය.

 ලංකාදීප නාමය යටතේ  දිනපතා ලංකාදීප පුවත්පත සහ ඉරිදා ලංකාදීප පුවත්පත මුද්‍රණය වන අතර  ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම පුවත්පත් නාමය වන්නේද ලංකාදීප පුවත්පතයි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය  මෙම සම්මාන උළෙල සංවිධානය කරයි .

බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද මෙම සම්මාන උළෙල පැවැත්විණි .