20 ගැන දැනුම්වත් කරන්න අත්පත්‍රිකා බෙදති


ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති   20  වැනි ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා    සංශෝධනය  පිළිබඳ  මහජනතාව   දැනුම්වත්  කරමින්  අත්පත්‍රිකා   බෙදා  දීමක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී  අද (02)  සවස   සිදුකෙරිණි.
 
එම අවස්ථාවට  ජනතා විමුක්ති පෙරමුණේ   ප්‍රධාන ලේකම්   ටිල්වින්  සිල්වා ,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  විජිත  හේරත් , සුනිල්  හඳුන්නෙත්ති  කේ.ඩී. ලාල්  කාන්ත   යන  මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි  වූහ. 
 
ඡායාරූප - චතුර එස් .කොඩිකාර