82 ආදි ආනන්දීයන් 8 දෙනකුට උපහාර


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
සමාජයේ විවිධ ක්‍ෂේත්‍රයන්හි දක්ෂතා දක්වන කොළඹ ආනන්ද විද්‍යාලයේ 82 කණ්ඩායම නියෝජනය කරන ආදී සිසුන් අට දෙනෙකු වෙත උපහාර පිදීමේ අවස්ථාවක්  එම විද්‍යාලීය පරිශ්‍රයේදී අද පැවැත්විණ. 
 
ආදී ආනන්දීය 82 කණ්ඩායම විසින් සංවිධානය කළ මෙහිදී ආනන්ද විදුහල්පති එස්.එම්.කීර්තිරත්න මහතා විසින්  ආදී ආනන්දීයන් වන  ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් දේවින්ද පෙරේරා , ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් අතුල ද සිල්වා , ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහාචාර්ය දීප්ති කුමාර ජයසේකර ,පොලිස් හදිසි ඇමතුම් අංශ සහ තොරතුරු තාක්ෂණ අධ්‍යක්‍ෂ ආචාර්ය ජනක මුදලිගේ , කෘෂි හා කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ , සබරගමුව පළාත් සභාවේ පරිපාලන නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ප්‍රභාත් උදාකර  සහ සරසවිය ප්‍රධාන කතෘ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ ගුණරත්න,  මවුබිම පුවත්පතේ කතෘ මණ්ඩල අධ්‍යක්‍ෂ ප්‍රවීණ මාධ්‍යවේදී  සිසිර පරණතන්ත්‍රී   යන මහත්වරුනට උපහාර පුදන ලදී.
 
ආදී ආනන්දීය 82 කණ්ඩායම මෙය  සංවිධානය කර තිබිණි.