අක්ෂිදාන වැඩසටහන කතානායක ප්‍රධානත්වයෙන්


ශාන්ත රත්නායක

 

අක්ෂිදානයට දායක වූ මගේ දෙමාපියන්ගේ නෙත් යුග තවමත් ජීවමානයි යැයි කථානායක කරු ජයසුරිය මහතා අද (18)  ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මගින් සංවිධනය කළ ජාතික අක්ෂිදාන දින උත්සවයට සහභාගී වෙමින් කීය.


නෙත් යුගල දන් දෙමින් අක්ෂිදාන ව්‍යාපාරයට  දායක වූ ස්වකීය දෙමාපියන් මෙලොවින්  සමු ගත්ත ද එම  අයගේ නෙත් තුළින් තවත් දෙදෙනෙකු මෙලොව දකින බවත් ඔවුන් මෙන්ම තමාද නෙත් යුග දන්දීම සඳහා මින් බොහෝ කලකට පෙර අක්ෂිදාන
ව්‍යාපාරයත් සමඟ ගිවිසුමකින් බැඳුණු බවත් පැවසීය.

කවර පසුබෑම් තිබුණ ද ඇස්, ලේ ශරීර කොටස් දන්දීමට ද   පිළිකා රෝගීන් වෙනුවෙන්  හිසකෙස් දන්දීම ද  ශ්‍රී ලාංකිකයන්ගේ යහපත් ගුණාංග බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.