අගමැති කතරගම යයි


(කතරගම එම්.කේ. නන්දසේන සහ කේ.ඩී.දේවප්‍රිය)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) සවස කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගත්තේය.

අනතුරුව කිරිවෙහෙර මළුවේ පිහිටි මහසෙන් දේවමන්දිරයටද පැමිණියේය. මෙහිදී ආගමික වතාවත්  මෙහෙයවනු ලැබුවේ කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නායක හිමියන් ප්‍රමුඛ මහ සඟරුවන විසිනි.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.ඒ. පත්මකුලසූරිය, කතරගම ප්‍රාදේශීය ලේකම් ඒ. එම්. නන්දසිරි යන මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.