අගමැති දළදා වහන්සේ වැඳපුදා ගනියි




(මොහොමඩ් ආසික්)

මහින්ද රාජපක්ෂ  මහතා  අග්‍රාමාත්‍ය ධුරයට  පත්වීමෙන් පසුව ප්‍රථමයෙන්  අද (23) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

අද පෙරවරුවේ දළදා මාළිගාව වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය. අග්‍රාමාත්‍වරයා  පැමිණෙන අවස්ථාවේ විශාල පිරිසක්ද ඒ අවට එක්රොක්ව සිට අග්‍රාමාත්‍යවරයාට සුබ පැතූහ.

දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අගමැතිවරයා   දළඳා මාළිගාවේ සමරු පොතේ සටහනක්ද තැබීය.

(ඡායාරූප - අගමැති මාධ්‍ය අංශයෙනි )