අග්නිදිග සරසවි සිසුන් සත්‍යග්‍රහයක


(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර ඔලූවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ කි‍්‍රයාකාරි ශිෂ්‍ය සංගමය අම්පාර නගරයේ දැයට කිරුළ ස්මාරකය අසලදි තම ඉල්ලීම් ලබාදෙන ලෙස ඉල්ලමින් සත්‍යග‍්‍රහයක් ආරම්භ කැරිණි.

ඔලූවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් සිසුන්ගෙන් දිගින් දිගටම පලි ගන්නා බව පවසමින්  වාණිජ සහ කළමණාකරණ පිඨයේ සහ තාක්ෂණ පීඨයේ  සිසුන් 1350 ක් පමණ විභාගයට සහභාගි නොවි විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව ගොස් ඇත.

විභාග කප්පාදුව නැවැත්විම,පන්ති තහනම ඉවත් කිරිම යන කරුණු මුල් කරගෙන  මෙම සත්‍යග්‍රහය පැවැත්වේ.