අපේක්ෂකයෝ එකම වේදිකාවක


මෙවර ජනාධිපතිවරණයට  ඉදිරිපත් වන  සියලුම   අපෙක්ෂකයන්  එකම  වේදිකාවකට  ගෙන එමින්  ඔවුන් ඉටුකිරීමට  බලාපොරොත්තු වන ප්‍රතිපත්ති  පිළිබඳ අදහස්  ඉදිරිපත්  කිරීමට  අවස්ථාව සලසමින් සහ මහජන ගැටළු සඳහා  ඔවුන්ගෙන් පිළිතුරු ලබාදීමට අවස්ථාව සලසමින් මාර්තු  12 ව්‍යාපාරය විසින් සංවිධානය කළ  මහජන  වෙිිදිකා   වැඩසටහන කොළඹ  සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී  අද(05)  සවස  පැවැත්විය.

මෙම අවස්ථාවට  ජනාධිපති  අපේක්ෂකයන් වන  අමාත්‍ය  සජිත් පේමදාස, අනුර  කුමාර දිසානායක, ජෙනරාල්   මහේෂ් සේනානායක,  අජන්තා  පෙරේරා, දුමින්ද  නාගමුව, රොහාන්  පල්ලෙවත්ත, සරත්  මනමෙිින්ද්‍ර,  සිරිතුංග  ජයසූරිය, ආරියවංශ  දිසානායක  යන  මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මාර්තු  12 ව්‍යාපාරයේ  මෙහෙයුම්  කමිටු  සාමාජිකා සාමදානී  කිරිවන්දෙණිය  මහත්මිය විසින්  මහජන  වෙිිදිකාව මෙහෙයවනු  ලැබීය.


ඡායාරූප   චතුර එස් .කොඩිකාර