අමරදේව අසපුවට මුල්ගල තැබෙයි


(ඉෂාන් සංජීව)

අචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් මෙරට සංගීත ක්ෂේත්‍රයට සිදු කරන ලද මෙහෙවරට කෘතවේදිත්වය දැක්වීම සඳහා "අමරදේව අසපුව" නමින් සංගීත ආශ්‍රමයක් පිහිටුවීමට මුල්ගල් තැබිමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදි සිදුකෙරිණි.

මෙහිදි අමරදේව මහතා ලද ඉහළම සම්මානය වන ජාත්‍යන්තරයෙන් පිරිනැමු මැග්සයිසේ සම්මානය ජාතික වස්තුවක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බාර කිරීම අමරදේවයන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය විසින් එහිදී සිදුකළ අතර ජනපති අතින් එය කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා කොළඹ කෞතුකාගාර අධ්‍යක්ෂවරියට බාර කෙරිණි.

​​