අමරා පියසීලි - සුනේත්‍රා රණසිංහ උපහාර ලබති


 

(ඩික්සන් වසන්ත)
 
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති කාන්තා දින සැමරුම් උත්සවයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම කාන්තාවන් වන අමරා පියසීලි රත්නායක සහ සුනේත්‍රා රණසිංහ යන මහත්මීන් ඇගයීමට ලක් කෙරිණි.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුනේත්‍රා රණසිංහ මහත්මිය වෙත සමරු සිහිවටනයක් පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
 
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා රැස්ව සිටි පිරිස ඇමතු අතර එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැබිනි කාන්තාවන්ට  පෝෂණ මල්ලක් බැගින්  ප්‍රදානය කළේය.
 
එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති කාන්තා දින සැමරුම් උත්සවට පෙර කාන්තාවෝ රජයට එරෙහිව විරෝධතාවයක නිරතවූහ.