අරුක්කාඩු කසල අංගනයත් වැසි ජලයෙන් වැසෙයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අධිකවර්ෂාවත් සමග අරුක්කාඩු කසල අංගනය හා සියලුම ගොඩනැගිලි සම්පුර්ණයෙන් වැසි ජලයෙන් යටවී ඇත.

ඇතැම් ගොඩනැගිලිවල වහළ මට්ටමට ජලය පිරි තිබූ අතර කසල ගොඩවල් නොපෙනන මට්ටමට වැසි ජලය පිරි පවති.

එම අප ජලය අරුවක්කාඩු කලපුවට මුදා හැරීමේ සූදානමක් ඇති බවට  ප්‍රදේශවාසීන් වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම්ට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත. 

මේ සම්බන්ධන්ධව කල විමසිමේදි වනාතවිල්ලුව ප්‍රාදේශීය එස්.එම්.පි.නන්දසේන ලේකම් මහතා පවසා සිටියේ මෙවැන්නකී.

“මට මේ පිළිබදව සේරක්කුලිය ජනතාව මට අද උදේ 10 දින පැමිනිලි කළා.මම කඩිනමින් ව්‍යාපෘතිය භාර නිළධාරින්ට දන්වා සිටියා,කිසිම ලෙසකින් ඒ ක්‍රියාව කරන්න ඒපා කියලා. ඒ එක්කම වනාතවිල්ලව පොලිසිය දැනුවත් කලා මේ පිළිබදව පුර්ණ අවධානමේන් ඉන්න කියලා දැනුවත් කලා යැයි පවසන්නට විය.