අවිනිශ්චිත විනාශයක තරම


මීතොමුල්ල  කුණු කන්දේ යටින් පැවැති කොටස දිරා යාම හේතුවෙන් එයින් කොටසක්  නිවාස මතට කඩා වැටුණු අතර තවත් කොටසක් නිවාස දෙසට තෙරපීම හේතුවෙන් සිදුවූ ජීවිත සහ දේපළ හානිය නිශ්චය වශයෙන් ගණන් බැලිය නොහැකි තත්තවයක පවතී. 

කුණු කන්ද නාය යාම නිසා හොඳින් පැවැති නිවාස පසෙකට තල්ලු වී ඇලවී තිබේ. මෙම සිදුවීමෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 100 කට වැඩි බව ප්‍රදේශවාසීහු කියති. ඇ.තැම් නිවාස ඇලවීම හේතුවෙන් ඒ අසළ පිහිටි තවත් නිවාස වලට තර්ජනයක් එල්ලව පවතින අතර ත්‍රිරෝද රථ මෙන්ම යතුරු පැදිද යටවූ දේපල අතරට එක්වී ඇති බව ප්‍රදේශවාසීහු කියති. 

ප්‍රදේශයේ පදිංචි නමුත් විපතින් දිවි ගලවාගත් අයකු පැවසුවේ තමන්ගේ ඥාතීන් පිරිසක් සිංහල අවුරුදු දා සිය මව බැලීමට පැමිණි බවත් කුළියට ගත් ත්‍රීරෝද රියේ රියැදුරා ඇතුළු ඥාතීන්ද ආගිය අතක් සොයා ගැනීමට බැරි බවයි. 
ඡායාරූප : ගයාන් අමරසේකර