ඇමති ජෝන්ට එරෙහිව මාධ්‍යවේදීහූ විදී බසිති


අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදියකුට පරුෂ වචනයෙන් බැනවැදී තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රාදේශීය ජනමාධ්‍ය  එකමුතුව ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී අද (15) උද්ඝෝෂණයක් පැවැත්විය.

සියලු ජනමාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීහූ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

(ඡායරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)