ඇමෙරිකාවේ ඇන්නෝරජ් නෞකාව ත්‍රීකුණාමලයට


අමදෝරු අමරජීව
 
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් “ඇන්නෝරජ්“(Uss Anthorage) නැමැති නෞකාව අද (24)  ත්‍රිකුණාමලය වරායට සේන්දුවිය. 


ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ මැරින් බළකා භටයන් 900ක් හා නිලධාරීන් 33ගෙන් සමන්විත මෙම නෞකාව  දිගින් මීටර් 208කි.


හෙලිකොප්ටර් යානා ගොඩ බෑ හැකි  අංගන දෙකකින් හා ප්‍රහාරක හෙලිකොප්ටර් යානා හයකින් සමන්විත  මෙම නෞකාව ලබන 28 දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටියි.


ජපාන නාවික හමුදාවට අයත්  යුද නෞකාවක් ත්‍රිකුණාමලයට පැමිණ ආපසු ගොස් දින දෙකකින් ඇමැරිකානු යුද නැවක් පැමිණීම විශේෂත්වයක් වේ.