ඇලහැර ගොවි ජනපද වලට මොරගහකන්දෙන් ජලය


(ක.ග කරුණාරත්න)

ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ කුඹුරුවලට යල කන්නයේ වී වගාව සඳහා මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් කිරීම අද(16) උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

මොරගහකන්ද  ජලාශයේ වෑකන්දේ පැවති මහා සංඝරත්නයේ ආගමික වතාවත් සහ දෙවියන් උදෙසා කිරි ඉතිරවීමේ මංගල්‍යයෙන් පසු මංගල දියවර නිකුත් කිරීමේ අවස්ථාවට ප්‍රදේශයේ ගොවි ජනතාව සමඟ ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ද එක්ව සිටියාය.

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, මොරගහකන්ද මහවැලි කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු හේමන්ත ජයසිංහ, මොරගහකන්ද ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී.ජී දයානන්ද, මොරගහකන්ද ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී විජේරත්න, ඇලහැර වාරිමාර්ග ඉංජිනේරු නාලක සමරසිංහ, ඇලහැර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ගාමිණි ජයරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.