ඇල්ල රෝක් හි පැළ රෝපණය කරයි


(ප්‍රසන්න පත්මසිරි)

රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නෙන් දැවී විනාශ වී ගිය ඇල්ල රොක් සංචාරක ප්‍රදේයේ පැළ දහසක් රෝපණය කිරීම ඌව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) සිදුවිය.

දින තුනක් තිස්සේ  ගිනිගැනීමෙන් අක්කර 60 ක ප්‍රදේශයක භූමියේ තිබූ වනය විනාශ විය.ඇල්ල රොක් හි දේශීය විදේශීය සංචාරකයින් දහස් ගණනක් ගැවසෙන ප්‍රදේශයකි.

ගින්නෙන් විනාශ වී ගිය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ආණ්ඩුකාරවරයා ප්‍රදේශයට ආවේණික ශාක වර්ග දහසක් සිටුවීමට තීරණය කළේය.

ඌව පළාත් සභාව,ඇල්ල ප්‍රාදේශීය සභාව,පාසැල්,යුද හමුදාව ඇතුළු ආයතන කිහිපයක් සහභාගී කරගනිමින් රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

ඡායාරූප - ප්‍රසන්න පත්මසිරි

ඡායාරූප - පාලිත ආරියවංශ