ඉණවටක් ගිලෙමින් අවසන් ගමන් යයි


(නිශාන්ත කුමාර)
 
බදුලු ඔයේ අහස්මංකඩ තොටුපල හරහා එගොඩ මෙගොඩ වීමට පාලමක් නොමැතිවීමෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන 11 කණුව ගම්මානයේ දී මියගිය මාතාවකගේ සිරුර අද (15) පස්වරුවේ ගම්වැසියෝ බදුලු ඔයේ  කරවටක් ගිලෙමින් ඔයෙන් ඒගොඩ පිහිටි පොදු සුසාන භූමිය වෙත රැගෙන යන අයුරු දක්නට ලැබේ.

මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන කුකුරුමහන්තැන්න, කොහාන, වැවතැන්න මාළිගාතැන්න හා ඒ අවට ගම්මානවල ජනතාවට බදුලු ඔයෙන් මෙපිට පිහිටි පොදු සුසාන භූමියට, මෙන්ම වෙල්යායට පැමිණීමට බදුලුඔය තරණය කිරිමට සිදුවේ.

බදුලුඔය හරහා  එහා මෙහා යාමට පාලමක් ඉදිකර දෙන ලෙස මෙම ජනතාව  වසර ගණනාවක සිට ඉල්ලීම් කළත් වසර දෙකකට පමණ පෙර  මංකඩ හරහා පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ මුත් හිටිහැටියේම එහි ඉදිකිරීම් අතරමග නවතා දමා තිබේ.