ඉන්ද්‍රාණි සේනාරත්න දැයෙන් සමුගනී


 

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ අවසන් කටයුතු අද(27) බොරැල්ල සුසානභූමියේදී සිදුකෙරිණි.

ඉන්ද්‍රාණි මහත්මිය කොළඹ ජාතික රෝහලේදී පසුගිය 23වැනි දින අභාවප්‍රාප්ත වූවාය.

පවුලේ ඥාතීහු, කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් ඒ මහත්මියට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ.
 
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)