ඉරණමඩු ජලාශය වාන් දමයි


(වන්නි රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චියේ විශාලතම ජලාශය වූ ඉරණමඩු ජලාශය වාන් දැමීමත් සමග පහත්බිම් රැසක් වාන් ජලයෙන් යටවීම හේතුවෙන් විපතට පත් ජනතාව යුද හමුදාව විසින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට පියවර ගෙන ඇත.

ඉරණමඩු ජලාශය ප්‍රතිශංසක්රණය කිරීමෙන් පසුව මේ වනවිට වැවේ ජල මට්ටම අඩි 34 අඟලක් දක්වා වැඩි වී තිබෙන අතරම ඊයේ (06) දින දොරටු 4ක් විවෘත කළද අද (07) උදෑසන වනවිට වාන් දොරටු 10ක්ම විවෘත කිරීමට වාරිමාර්ග නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කිරීමත් සමග පහත් බිම් රැසක් වාන් ජලයෙන් යටවී ඇති අතරම නිවෙස් යටවී විපතට පත් ජනතාව බේරාගැනීමේ මෙහෙයුම් දිවා රාත්‍රී 24 පැයේම සිදු කිරීමට යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි යුද හමුදා සෙබලුන් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් විපතට පත් වැසියන් බේරාගැනීම් සඳහා යොමු කොට ඇති අතර එම වැසියන් කිලිනොච්චියේ පිහිටි පාසල් හා පොදු ස්ථාන වෙතට රැගෙන විත් පිසූ ආහාර ලබා දීමටද යුද හමුදාව විසින් කටයුතු කොට ඇත.