උණවටුන වෙරළ පාළුවට යයි


(ජේ.කේ.එල්.චාමින්ද)

දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරි ඉතිරි යන උණවටුන වෙරළ තීරය  අද(08) වනවිට පාළුවට ගොස් තිබේ.

පාස්කු ඉරිදා වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවත් සමඟ විදේශීය සංචාරකයින්ගේ පැමිණීම පහත වැටී ඇත.

මෙම තත්ත්වයත් සමඟ තැඹිලි වෙළෙන්දාගේ සිට මහාපරිමාණ හෝටල් හිමියා දක්වා විශාල පිරිසක් දැඩි අසරණ තත්වයට පත්වී සිටිති.

ආචාර්ය ආතර් සී. ක්‌ලාක්‌ මහතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ තීරයන් 12 න් එකකි.