උතුරේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය අනතුරේ


(රොමේෂ් මධුෂංඛ)

උතුරු ප්‍රදේශයට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් උතුරේ වැව් සිඳී ගොස් ඇති නිසාවෙන් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දැඩි අවදානම් තත්වයකට පත්ව ඇතැයි ධීවරයෝ පවසති.

මේ වන විටත් වව්නියාව , මන්නාරම , කිලිනොච්චිය , හා මුලතිව් දිස්ත්‍රික්කවල කුඩා වැව් සිඳී ගොස් ඇත.

වැව් සිඳී යාමත් සමග මිරිදිය කර්මාන්තය කඩා වැටී ඇති බවටත් එහෙයින් සිය ආර්ථිකයද කඩා වැටී ඇති බවත් එම ධීවරයෝ කියා සිටිති.මේ වන විටත් ධීවර පවුල් දහසකට අධික පිරිසක් දැඩි දුෂ්කරතාවට මුහුණ පා සිටිති.

නැවත පදිංචි වීමෙන් පසුව ස්ථීර රැකියාවක් නොමැති කමින් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදුනද මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දැඩි පසුබෑමකට ලක් වී ඇති නිසා තම ජීවිකාවට දැඩි ගැටළු පැන නැගී ඇතැයි ඔවුහු කියති.

ඉදිරියේදීත් වර්ෂාව නොලැබෙන්නේ නම් උතුරේ මහ වැව් සියල්ලක්මද සිඳී ගොස් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනු ඇතැයි ඔවුහු පවසති.