එළවළු මිල සියයට 40කින් පහළට


(කාංචන කුමාර ආරියදාස)

යාපනයේ බීට් රූට් අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම්ත් සමඟ බීට්රූට් කිලෝවක තොග මිල රුපියල් 100 කින් පමණ පහත වැටී ඇතැයි වෙළෙන්දෝ පවසති.

පසුගිය මාසයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බීට් රූට් කිලෝවක තොග මිල රුපියල් 350ක පැවති අතර අද දින වන විට  කිලෝවක තොග මිල රුපියල් 250 දක්වා පහත වැටී තිබේ.

ඊට සමගාමීව ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන අනෙකුත් එළවළු වර්ගවල ද වැඩි වීම්ත් සමග එළවළු මිල සියයට 40 කින් පමණ පහත වැටී ඇතැයි වෙළෙන්දෝ පෙන්වා දෙති.

පසු ගිය මාසයේ සීග්‍රයෙන් ඉහළ ගොස් තිබුණු සෑම එළවළුවක්ම පාහේ කිලෝවක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් පහත් වැටී තිබීම විශේෂත්වයකි.

බීට් රූට් මෙම මිල යටතේ පැවතිය හොත් ගොවීන්ට සාධාරණ මිලක් හිමිවන බවද සඳහන් කළ අතර බීට්රූට් අස්වැන්න යාපනයේ ගොවීන් නෙලන අවස්ථාවේදී පාකිස්ථානයෙන් මෙරටට හොර රහසේ බීට්රූට් ගෙන්වීම නවතා දෙන්නැයි හෙතෙම බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.