ඒ -17 මාර්ගය අවහිර වෙයි


(සිරංගිකා ලොකුකරවිට)

පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල - දෙණියාය ඒ-17 මාර්ගය දෙණියාය වතුයාය අසල ගස් කඩා වැටී නායයෑමට ලක්ව සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.

මෙම ස්ථානයට කිලෝමීටර් දෙකක් පමණ දුරින් දෙණියාය නගරය පිහිටා තිබේ. 

ප්‍රදේශවාසීන් පවසන්නේ මාර්ගය නායයෑමට ලක්ව තාර ගැලවී ගොස් විශාල අලාභහානි සිදුවී ඇති බවයි.  දැනට තාවකාලිකව සාදාගත් මාර්ගයක ගමනාගමන කටයුතු සිදුකරන බවත් ඔවුහු පවසති.